(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කීරි සම්බා හ අනෙකුත් සම්බා මිල ඉහළ යෑම වැළැක්වීමට ඉදිරි දිනවල විසඳුමක් ලබා දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පවසයි.
මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ යැයි ද ඇමැතිවරයා කීය.
රජය සහල් මිල සැලකිය යුතු ලෙස පාලනය කර ඇතැයි කී ගුණවර්ධන මහතා සහල් තරගකාරී ලෙස මිලදී ගැනීම සාර්ථකව කර තිබෙන බවද සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව විවිධ තර්ජන වලට බියෙන් වී මිලදී නොගත් බවත් වර්තමාන ආණ්ඩුව එවැනි තර්ජන වලට බිය නොවන බවත් ඔහු කීය.
සතොසට හා සමුපකාර දෙපාර්තමේන්තුවට අද සහල් සම්පූර්ණයෙන්ම සපයන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා නායකත්වය දෙන කෘෂිකර්ම අමාත්‍යාංශය යයිද වෙළෙඳ ඇමැතිවරයා පැවැසීය.
වෙළෙඳ ඇමැතිවරයා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ(ස.ජ.බ) මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ගසට්ටුවක් ගැහුවද?
අපි දන්නේ නැද්ද මෙයාගේ මහලොකු "මිල පාලනය". අනේ යන දිහාවකට ගිහින් වැඩක් බලාගෙන ඉන්න මහත්තයෝ අපට පව් නොදී.
ඔබතුමා ඕවා කරලා පෙන්වා දෙන්නකෝ හැමදාම කරන්ඩ ඉස්සෙල්ලා කියලා වැඩේ අනා ගන්නවා.
"ඉදිරි දිනවල" කියන්නේ එන අවුරුද්දේ වෙන්ටත් පුළුවන්.