(සුජිත් හේවාජූලිගේ)
පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් දැනුවත් කිරීම සඳහා බලා පොරොන්තු වන බව එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා පවසයි.
ඇමැති අනුකමිටුවේ නිර්දේශ පිළිබඳව තමා එහිදී අගරදගුරු තුමාන්ට පූර්ණ කරුණු පැහැදිලි කිරීමක් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඇමැති අනුකම්ටුවේ ඇතැම් නිර්දේශ සම්බන්ධයෙන් සමහරුන් වැරදි ආර්ථකථන ලබා දෙන හෙයින් ඒවා නිවැරදි කිරීම තමාගේ වගකීමක් බව කී රෝහණදීර මහතා අනුකමිටුව රට වෙනුවෙන් වැදගත් සාධනීය නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇතැයි ද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ කමිටුව ගැන ඔබ ලැජ්ජාවිය යුතුයි