(නිමල කොඩිතුවක්කු)
උත්සව සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
අපේ‍්‍රල් අට වැනිදා සිට දහඅටවැනිදා දක්වා කාළය තුළ මෙම ආදායම උපයාගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කාලසීමාව තුළ වාහන දොලොස් ලක්ෂ තිස්හයදහස් දෙසීය අසූඅටක් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
වැඩිම වාහන ප‍්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ අපේ‍්‍රල් 10 වැනිදා වන අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් එක්දහස් එකසීය අසූ හතකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් මිලියන 349 ආදායමක් කීවාහම මහලොකු දෙයක් වෙන්නේ කොහොමද ? මේ සල්ලි ඔක්කොම ලංකාවේ මිනිසුස්න්ගේ සල්ලිනේ. ඒක ලංකාවේ ආර්ථිකයට එතරම් බලපෑමක් ඇතිවෙන්නෙන් නැහැ. මොකද එක තැනකින් තව තැනකට සල්ලි ගියාට ඒ ඔක්කොම ලංකාවේ සල්ලි.
ආදායම අපේ රටටද ලැබෙන්නේ?