‘‘තිස්ස වැව ප්‍රතිසංස්කරණය කරන චීන ජාතිකයින්ගේ ඇඳුම්වල අවුලක් නෑ‘‘
හම්බන්තොට, තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතික පිරිසක් යොදවා තිබීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පූර්ණ පරීක්ෂණයක් සිදුකළ බවත්, එය එම චීන ජාතිකයින් නියෝජනය කරන ආයතනයේ නිල ඇඳුමක් බව එහිදී හෙළි වූ බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.