
(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණය මෙම වසරේදී පැවැත්වීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
එම මැතිවරණය පැවැත්විය හැක්කේ පළාත් සභා පනත සංශෝධනය කිරීමෙන් පසුව බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දමා ඇත්තේ රට තුළ සෞඛ්‍යමය වශයෙන් යහපත් වාතාවරණයක් නොතිබීම හා පළාත් පාලන ආයතනවල කාලයෙන් වසර දෙකක් ගතවුණේ යහපාලන රජය යටතේ නිසා ඔවුන්ට වැඩකරන්නට කාලයක් නොතිබීම නිසා ඔවුන්ට සාධාරණ කාලයක් ලබාදිය යුතුවීම යන කරුණු මත බව ද ඇමතිවරයා පැවසීය.
අමාත්‍යාංශ 10 ක විෂය පථයන් සංශෝධනය කිරීම සදහා රජය පියවර ගෙන ඇත්තේ ඒවායෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් බව කී රමේෂ් පතිරණ මහතා කැබිනට් සංශෝධනයක් ගැන මෙතෙක් නිල වශයෙන් සාකච්ඡා කර නැතැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරු කතාද? නීති ප්‍රශ්නයක් මතුකරලා එයත් කල්දමන්න දැනටමත් කටයුතු කර හමාරයි. නමුත් කුමන හෝ ඡන්දයක් තැබුවොත් ජනමතය කුමක්දැයි හොඳාකාරවම දැනගත හැකිවේ...