(අජන්ත රත්නායක)
අධිකරණ සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලය කුරුණෑගල නගරයේ දි කඩාගෙන පලා යාමට තැත් කළ සිවිල් ඉංජිනේරුවෙකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි.
සේවය අවසන් කළ මෙම සේවිකාව නිවසට යාම සඳහා කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි උමං මාර්ගය ඔස්සේ ගමන් කරමින් ඇගේ ගෙළ බැඳි රන්මාලය කඩාගෙන ඇත.
ඒ අවස්ථාවේ අදාළ සේවිකාව උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර කුරුණෑගල ඔරලෝසු කණුව අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට එය ඇසී සැකකරු හඹා ගොස් තිබේ.
නුවර පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක රථගාල දක්වා දිව ගිය සැකකරු එහි නවතා තිබූ වාහනයක් යට සැඟව සිටියදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබූ මාලය සහ පෙන්ඩනය ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සිවිල් ඉංජිනේරුවකු බවත්, මත්කුඩුවලට ඇබ්බැහිවීම නිසා සොරකමට පුරුදු වී ඇති බවත් අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහමනම් මෙයා අනාගත මේ රටේ වරාය ඇමති වෙනවා.
දැන් ලංකාවේ තත්වය අනුව හැමෝම කොල්ල කරුවන් බවට පත්වෙනවා
සිවිල් ඉංජිනේරුවකු මාල කඩනවා නම් අනිත් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද? හැමෝටම දැන් හරිම අමාරුයි ජීවත් වෙන්න...
මත්කුඩුවලට ඇබ්බැහි වුණු වටිනා කියන තරුණ තරුණියන් මුදානොහැර දැඩි රැකවල් යොදා පුනරුත්ථාපනය කළ යුතුයි. කෝවිඩ් 19 රෝගීන්ව සුවකළා වගේ.. හොඳ විධිමත් සැලසුමක් ඇතිව කරන්න පුළුවන් එකම රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා යුද හමුදාවයි.