(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය උරගා බැලිමට හැකිනම් මැතිවරණයක් පවත්වන්නැයි අභියෝග කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11)පැවසීය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ජනතාවගේ රතු කට්ටය පැන ඇති බවත් හෙට අනිදාදා වනවිට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පාරේ බැස යාමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බවත් මහලේකම්වරයා සඳහන් කලේය.
ආන්ඩුවේ අමනෝඥ තීරණ හේතුවෙන් විපතට පත් ජනතාව, ගොවියන්,කම්කරුවන් ඇතුලු සියලුදෙනා සමග සමගි ජනබලවේගය පාරට බහින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවස්ථාවක මැතිවරණ තියන්න කියන්නේ සිහි බුද්ධියෙන්ද? නිකන් ද මිනිසුන් කියන්නේ මන්ද බුද්ධිකයන් 226 කියලා...
රටේ තියෙන සල්ලි ටිකත් ඉවර කරවලා කොරෝනා පැතිරීම තවත් වැඩි කරන්නද හදන්නේ. ගිය අවුරුද්දේ අවුරුදු පොකුර අස්සේ උද්ඝෝෂණ පොකුරකුත් හැදුවා. ඒ නිසා තමුන්ට මැතිවරණ ඕන නම් තමුන්ගේ පක්ෂයේ වියදමින් කරන්න. මහජන මුදල් කන්න තවත් පොටක් හොයන්න එපා.
ඇයිද කලබල? කලබල වුණොත් කොරහේත් අත දාගන්න බැරිවෙනවා කියලා සිංහල කියමනක් තිබෙනවා...
මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ මුන්ට බල තන්හාව .කාලකන්නි දේශපාලනය .ගහපියකෝ බෝම්බයක් පාර්ලිමේන්තුවට 225 ම හැඳි ගෑවිලා යන්න
හරියට මෙයාලා ඇවිල්ලා ගොඩගන්න පුළුවන් වගේ කතාව...
හිතාගෙන ඉන්නේ ආණ්ඩුව එපා වෙච්චි ඔක්කොම පුරවලා, මේ අයට ඡන්දෙ කතිරේ ගහයි කියලා වෙන්නැති...
තණකොළ කන ඡන්ද දායකයනුත්, හොරුන්ට කත් අදින වංචනික බයියන් නිසාත් මේ රටේ ජාතියේ අවසානය කොයි මොහොතේ කෙසේ වේදැයි අවිනිශ්චිතය. අවන්ක කෙනෙකුට බලයට එන්නට දෙන්නේම නැත.
වහල්ලුන්ට මොනවා කියලත් වැඩක් නැහැ.මේ ආණ්ඩුව නම් ලංකාවට සාපයක් වෙලා ඉවරයි
වහල්ලු තවම පුන්නක්කු කති
පුන්නක්කු ටිකක් දුන්නාම කරත්ත කාරයින්ට ඕන විදිහට කරත්තේ ඇදන් යන්න හරක් ඕනෑ තරම් ඉන්නවා.
ඒත් තමුන්නැහැලට දේශපාලනයෙන් අතුගෑවිලා යන්න වෙයි...