‘‘තිස්සවැවේ රොන්මඩ ඉවත් කළේ චීන විමුක්ති හමුදාව නොවේ‘‘ තිස්සවැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතුවල නිරත චීන සමාගමකට අයත් සේවකයන් පිරිසක් ඇද සිටි හමුදා නිළ ඇදුමට සමාන ඇදුම අදාල විදේශ සමාගමේ සේවකයන් භාවිතා කරන ඇදුමක් බවත්, එම සේවකයන් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන බවත් චීන තානාපති කාර්යාලය සනාථ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 30 June 2021
මැදපෙරදිග රටවල් 6යේ තහනම හෙට සිට ඉවතට මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී. 30 June 2021
මහියංගන ප්‍රා.සභාපතිගේ පෙත්සම විසිකරයි ඌව පළාත් ආණ්ඩුකාරවරයා හා පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මහියංගණ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් ක්‍රමවේදය නිවැරදි බවට තීන්දු කළ බදුල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා එම සභාපතිවරයාගේ ධූර කාලය ඉකුත් වසරේ දෙසැම්බර් මස 22 සිට අහිමි වූ බවට අද තීන්දු කළේය. 30 June 2021
හොඳ පොල්තෙල් දෙන්න විමල් පෙරට එයි ජනතාවට වස විසෙන් තොර ගුණාත්මක බවින් ඉහළ පොල්තෙල් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙලක් ජූලි මස අවසන්වීමට පෙර ආරම්භ කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 30 June 2021
කොරෝනා මරණ වැඩිවීමට හේතු සොයන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක් ජුනි මාසයේදී කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෙවීම සදහා විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 30 June 2021
පාන් ගෙඩියක් රුපියල් දහයකින් නඟී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. 30 June 2021
නෞකාවේ ගින්නෙන් මුහුදු ජීවින් 200ක් මැරිලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා කැස්බෑවුන් 176 දෙනකු, තල්මසුන් 04 දෙනකු සහ ඩොල්ෆින් මාළුන් 20 දෙනකු මියගොස් ඇති බව නිතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධි ශ්‍රී රාගල මහතා ඉදිරියේ අද දැනුම් දුන්නේය. 30 June 2021
ආදිවාසී නායකයාටත් කොරෝනා එන්නත මහනුවර ඇසළ පෙරහරට සහභාගීවන කලා ශිල්පීනට මෙන්ම ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිදු කෙරිණි. 30 June 2021
සජබයට ගිය තවත් පිරිසක් එජාපයට සමගි ජන බලවේගයට සහය දැක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක පළාත් පාලන මන්ත්‍රීවරුන් 31දෙනකු අද (30)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 30 June 2021
රජයේ දේපල පෞද්ගලික සමාගම්වලට දීමට එරෙහිව පෙත්සමක් රජයට අයත් දේපල සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් හා ලෙෂර් සමාගම්වලට පවරා දීම හෝ බදුදීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉංජිනේරුවරයෙක් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 30 June 2021
‘‘රටේ සහල් හිඟයකට ඉඩ තබන්නේ නෑ‘‘ රටේ කිසිදු සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 30 June 2021
ගුවන් විදුලිය යළි හඩ්සන්ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත. 30 June 2021
ඔන්ලයින් ඩේටා ගන්න සල්ලි නැති මව්පියෝ දුක කියති මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන දරුවන්ට දුරකතන පාවිච්චිය සඳහා අවශ්‍ය කෙරෙන සංඥා පහසුකම්(DATA) සඳහා කිසියම් හෝ අනුග්‍රහයක් දක්වන්නැයි ගුරුවරු හා මව්පියෝ රජයෙන් ඉල්ලීමක් කරති. 30 June 2021
යුපුන් ඔලිම්පික් පිටියට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. 30 June 2021
ශානි පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලයි තමාගේ සහ තම පවුලේ ජීවිත අනතුරේ වැටී ඇති බැවින් තමන්ට ආරක්ෂාව සලසා දෙන්නැයි ඇප මත මුදා හැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත. 30 June 2021
ආර්.එම්.වී සේවා කටයුතු සීමා යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සේවාවන් සීමා කිරීම්වලට යටත්ව තවදුරටත් පවත්වාගෙන යන බව එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි. 30 June 2021
‘‘හිතුවක්කාරී ලෙස වැව් හෑරීම අපරාධයක්‘‘ තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීමට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පුරාවිද්‍යා උපදේශක සභාව මගින් පත් කරනු ලබන කමිටුවක් කරනු ලබන අධ්‍යයනයකින් පසුව තීරණය කළ යුතු යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පැවැසූහ. 30 June 2021
දෙදරු පියා පැහැර ගත් වෑන් රථය පුත්තලමේදී පෙරළෙයි නොරචෝලේ, පනිඅඩිය ප්‍රදේශයේ දී දෙදරු පියකු පැහැරගෙන ගොස් පහරදී වෙරෙළේ දමා ගිය පිරිස ගමන් ගත් වෑන් රථය පුත්තලම දුම්රිය හරස් පාර ආසන්නයේදී පෙරළී ගොස් ඇතැයි නොරොච්චෝලේ පොලිසිය කියයි. 30 June 2021
සියයට 25කට මත්වතුර එපාවේ මෙරට මත්පැන් පානය සියයට 25 කින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීහු පවසති. 30 June 2021
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කළ බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවැසීය. 30 June 2021
කොළඹ වැඩබිම්වල ඉන්දියානුවෝ 2750ක් කොළඹ නගර සීමාවේ ඉදිකිරිම් වැඩබිම්වල ඉන්දියානුවන් 2750 දෙනෙකු සේවය කරන බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත. 30 June 2021
දුම්රිය වර්ජනයෙන් මගීන් අපහසුතාවයට දුම්රිය ප්‍රවේශපත් විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය විදේශ සමාගමකට ලබාදීමට විරෝධ පළකරමින් දුම්රිය එංජින් රියදුරන් හදිසියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 30 June 2021
මැතිසබයේ ’’වලිය’’ ගැන සෙවූ කමිටුවේ වාර්තාව කතානායකට මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව කතානායකවරයාට ලබන සතියේදී බාරදීමට එම කමිටුව තීරණය කළේය. 30 June 2021
ඉරාකයට අපනයන කළ කසළ තේ බහාළුම් දෙකක් නැවත ගෙන්වන්න අවසර ඉල්ලයි ශ්‍රී ලංකාවේ පිරිසිදු තේ යැයි හඟවමින් ඉරාකයට අපනයනය කර ඇති කසල තේ බහළුම් දෙකක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලාංකික නැව් ඒජන්ත සමාගමකට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. 30 June 2021
‘‘අඟුලානේ මද්දා‘‘ පොලිසිය මාට්ටු මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අපරාධ රැසකට සම්බන්ධ බව කියන ‘‘අඟුලානේ මද්දා‘‘ නමැත්තා මොරටුව කල්දෙමුල්ල සී.පී ද සිල්වා මාවතේදී අද (30)අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 30 June 2021
මවක් 15 හැවිරිදි දියණිය මුදලට විකුණලා 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ විවිධ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ඇතුළු 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 30 June 2021
නිරෝධායන නීති කැඩූ තවත් 433කට නඩු සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 433දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 June 2021
මගුල් කෑ 20ක් දින 14 නිරෝධායනයට සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 June 2021
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 June 2021
වාද්දූවේ පිරිවෙනක හිමිවරු 29කට කොරෝනා වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථාන පිරිවෙනේ විහාරාධිකාරී හිමියන්, සාමණේර හිමිවරුන් 25කට ඇතුළු 29 දෙනකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය. 30 June 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026