(යොහාන් භාසුර)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කෝටිපති කප්රුක’ සහ ‘අද කෝටිපති’ යන ලොතරැයි දෙකෙන් පසුගිය දෙසැම්බර් මස බිහිවූ කෝටිපතියන් දෙදෙනෙක් ඇතුළු ජයග්‍රහකයන් රැසකට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූලස්ථානයේදී අද (12) පෙරවරුවේ ත්‍යාග පිරිනැමීය.

මෙහිදී ‘කෝටිපති කප්රුක’ ලොතරැයියේ 777 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල් 87,991,255 ක් දිනාගත් බෝපත්තලාව ප්‍රදේශයේ ආර්. එම්. ජී. ඩී. රත්නායක මහත්මිය සහ ‘අද කෝටිපති’ ලොතරැයියේ 1432 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල් 62,453,588 ක් දිනාගත් මොණරාගල ප්‍රදේශයේ ටී. ඩබ්ලිව්. කේ. ඩී. ප්‍රියදර්ශන මහතා ඇතුළු ජයග්‍රාකයන් 20 කට අධික පිරිසක් මෙහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණවර්ධන මහතා අතින් චෙක්පත් ලබාගත්හ.

ඡායාරූපය:

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණවර්ධන මහතා විසින් ‘කෝටිපති කප්රුක’ ලොතරැයියේ 777 වැනි වාරයේ සුපිරි ජයමල්ලේ ජයග්‍රාහිකාව වූ බෝපත්තලාව ප්‍රදේශයේ ආර්. එම්. ජී. ඩී. රත්නායක මහත්මිය චෙක්පත ප්‍රදානය කළ අවස්ථාව.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)