මානව හිමිකම් ක්‍රීයාකාරී කණ්ඩායමක් අ.පු.ර බන්ධනාගාරයට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ රැඳවියන් නිරීක්ෂණය කිරීම සදහා මානව හිමිකම් ක්‍රීයාකාරී කණ්ඩායමක් අද (16) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 16 September 2021
කොවිඩ් මරණ 118ක් වාර්තාවේ කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (15) මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 16 September 2021
ජාත්‍යන්තරයට යන්න වුණේ රජය ගැන විශ්වාසයක් නැති නිසයි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට සිදුවූ බව කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 16 September 2021
නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ. 16 September 2021
එජනිස ට එක්වෙන්න තවත් පක්ෂ සූදානමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්වීමට තවත් පක්ෂ කීපයක් සූදානමින් සිටින බව එහි මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,382ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,382දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 September 2021
මියන්මාර් තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ඉවත්වෙයි මියන්මාරය් ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම ධූරයන් ඉවත්ව අද (16) යළි දිවයිනට පැමිණියේය. 16 September 2021
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ලූණු කිලෝ 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ආකාරයෙන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 16 September 2021
’’ලොහාන් වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා’’ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුථාපන කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘ලංකාදීප’යට ඊයේ (16) පැවසීය. 16 September 2021
සදාචාර විරෝධීව හැසිරුණු ලොහාන් ඇමැති ධුරයකට සුදුසු නෑ ශ්‍රී ලංකාවේ අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි ආකාරයේ සදාචාර විරෝධී හැසිරීමක් පෙන්වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඔහු දැරූ සියලුම රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 16 September 2021
’’යුග දනවි’’ බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට දීමෙන් බලශක්ති සුරක්ෂිතතාවය අනතුරේ කෙරවලපිටිය ‘යුග දනවි’ විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පවරා දෙමින් රජය ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය හරහා රටේ ස්වෛරීත්වය හා බලශක්ති සුරක්ෂිතතාවය අනතුරකට පත්විය හැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා අද 6) පැවසීය. 16 September 2021
කාන්තා ව්‍යවසායකයින්-කුඩා, මධ්‍ය ව්‍යාපාර බල ගැන්වීමට ඇමෙරිකාවෙන් කෝටි 800ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය දීමට සහ ශ්‍රී ලාංකික කාන්තා ව්යවසසායිකාවන් සවිබල ගැන්වීම සඳහා රුපියල් කෝටි 800 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 40) ණය ආධාරයක් ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී. 16 September 2021
ඥානසාර හිමියන්ගේ හෙළිදරව්ව ගැන පරීක්ෂණයක් කතෝලික සභාවෙන් ඉල්ලයි රටතුළ යලිත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළසුමක් ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරික්ෂණයක් පවත්වන්නැයි කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව එහි ජන සන්නිවේදන අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 16 September 2021
‘එ.ජා. සැසිය කොරෝනා සමයේ අභියෝග ජයගන්න අවස්ථාවක් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණඩල සැසිය මහඟු අවස්ථාවක් වනු ඇතැයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය. 16 September 2021
සත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාර ලෙස නම් කරයි සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 16 September 2021
’’අලි ඇතුන් මුදාහැරීමට දුන් තීන්දුව නිත්‍යනුකූලයි’’ කූඨ ලේඛන සකස් කර අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුවට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එය වැඩිදුරත් පවත්වා ගෙනයා නොහැකියි යන පදනම මත අලි ඇතුන් මුදාහැරීමට අධිකරණය ලබාදුන් තීන්දුව නිත්‍යානුකූල බව නිතිපතිවරයා අද (16) අධිකරණයේදී ප්‍රකාශ කළේය. 16 September 2021
එතෙර සිට මෙතෙර එන ලාංකිකයන්ට ගුවන්තොටේදීම පී.සී.ආර් විදේශ ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකියන්ට කටුනායක ගුවන්තොටුපොළ තුළදීම අවම මිල ගණන් යටතේ පී.සී.ආර් පරික්ෂණ කර ගැනීමට අවස්ථාව සැලසීමට රජය පියවර ගන ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාපරාජ්ය ඇමැති ඩී.වී චානක මහතා ඊයේ (16) පැවසීය. 16 September 2021
පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුව ලබන සතියේ රැස් වන ආකාරය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17)පස්වරු 3.00ට පැවැත්වෙන බව එහි නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවැසුවාය. 16 September 2021
‘‘රටේ අභ්‍යන්තර ගැටලු විසැඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ‘‘ රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. 16 September 2021
මා ඔයෙන් එගොඩ විමට ගිය යතුරු පැදිකරු ගසාගෙන යයි මදුරුපිටිය මාඔයේ සපත්තු පාලමෙන් එගොඩ වීමට ගිය යතුරු පැදි කරුවකු සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි . 16 September 2021
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් සී.අයි.ඩී යට පැමිණිල්ලක් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් කර ඇත. 16 September 2021
රත්වත්තේ සිද්ධීන්වලට බන්ධනාගාරයෙනුත් පරීක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇතුඵ පිරිසක් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ගොස් කළහාකාරි ලෙස හැසිරුණේ යැයි කියන සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 16 September 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇන්ටිජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරින් 200 දෙනකු රැපිඩ් ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහජනක) පරීක්ෂණවලට ලබන 21 වැනිදා යොමු කිරීමට කටයුතු යොදා ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 16 September 2021
බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් පෙත්සමක් ශ්‍රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ නිර්දේශයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ප්‍රධන බාලදක්ෂ කොමසාරිස් වශයෙන් පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඒ මහතා එම ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයින් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධීකරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 16 September 2021
“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඩපණ කරන්න එපා” විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පදනම් විරහිත අදහස් පළකිරීමෙන් කණ්ඩායම උදාසීන තත්වයට පත්විය හැකි බවත් එවැනි දේවලින් වැළකී සිටින ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. 16 September 2021
රට විවෘත කරනවාද තීරණය හෙට රට ලබන 21 වැනිදා අඟහරුවාදා විවෘත කරනවද නැද්ද යන්න සම්බන්ධයෙන්වූ අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදේ පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ගැනීමට නියමිතය. 16 September 2021
කොවිඩ් එන්නත් නොගත් විසි දහසක් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ කොවිඩ් මර්දන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන නැති විසි දහසකට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 16 September 2021
ගොවිතැන දියුණු කරන්න ’’ටැබ්’’ දෙන්න යයි රටපුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීණ්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 16 September 2021
යුරෝපා කොමිසමේ දූත පිරිසක් 27 ලංකාවට ඇගලුම් නිෂ්පාදන , ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනය කිරීම සදහා යුරෝපා සංගමය මෙරටට ලබා දෙන ජී.එස්.පී ප්ල්ස් සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමක් දින 10 ක නිල සංචාරයක් සදහා ලබන 27 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹග් මහතා පැවසීය. 16 September 2021
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු 4 කගේ වැඩතහනම් සතොසට සතුව තිබූ රුපියල් ලක්ෂ 150 කට අධික වටිනාමින් යුත් සුදුළුණු කිලෝ 56,000 ක් නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සතොස මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් සිවුදෙනකුගේ වැඩතහනම් කළ බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ’ලංකාදීප’යට පැවසීය. 16 September 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026