ජනපති - ඩුබායි නියෝජ්‍ය පාලක අතර හමුවක් ඩුබායි හි සංචාරයක නිරතව සිටින ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් මහතා අතර හමුවක් ඩුබායි හි එක්ස්පෝ -2020 (EXPO – 2020) ප්‍රදර්ශන භූමියේ දී සිදුවිය. 05 December 2021
ඉන්ධන ගැන බොරු ප්‍රචාර ජාත්‍යන්තර වශයෙන් හානියක් ශ්‍රී ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ වගකීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවත් මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ නිසා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට ජාත්‍යන්තර වශයෙන් දැඩි හානියක් සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා ’ලංකාදීප’ යට පැවසීය. 05 December 2021
කෝටි තුනක කුඩු ගුවන්තොටෙන් අල්ලයි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි තුනක් වටිනා මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය . 05 December 2021
කොන්දේසි තුනක් යටතේ ගෑස් දෙන්න අවසර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොන්දේසි තුනකට යටත්ව හෙට (5) සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්රෝ සහ ලාෆ් යන සමාගම් දෙකට අවසරදී තිබේ. 05 December 2021
වැලිකඩ හිරගේ බද්දට දෙයි වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත . 04 December 2021
ඩොලර් ගැන කතා කරන්න කබ්රාල් - ආටිගල කැබිනට්ටුවට කැඳවයි රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි රජයේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත . 04 December 2021
පළමුවටයේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 541 දෙනකු අද (4) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 04 December 2021
අගමැති ඉම්රාන්ගෙන් - ජනපති ගෝඨාභයට ඇමතුමක් පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 100 කට වැඩි දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (04) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් දන්වා ඇත. 04 December 2021
පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ නිවසට නාමල්, ප්‍රසන්න යති පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල, කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ මහතාගේ නිවසට අද සවස පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පවුලේ සාමාජිකයින්ට සිය ශෝකය ප්‍රකාශ කළහ. 04 December 2021
පකිස්තානයෙන් ජනපති කළ ඉල්ලිම පකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පකිස්තාන රජයෙන් ඉල්ලා සිටී. 04 December 2021
යකඩ යකා කතරගම යන්න මාන බලයි කොළඹ බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇතැයි ප්‍රවාහන ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද(4) පැවසුවාය. 04 December 2021
’’සන්ෂයින් සුද්දා’’ ඝාතනය කළ ගිණිඅවිය සොයාගනියි දකුණේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන අමිළ ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත්’’ සන්ෂයින් සුද්දා’’ ඝාතනය සඳහා යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය මාතර කොටවිල හේන්වල ප්‍රදේශයෙන් සොයාගත් බව පොලීසිය පවසයි. 04 December 2021
විපක්ෂයේ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පහරදීමට උත්සහ දරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබින් ඊයේ පස්වරුවේ පිටව ගියහ. 04 December 2021
මැතිසබයේ පහරදීමේ උත්සාහයක් සමගි ජන බලවේගය පක්ෂයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලය අසලදී අද දහවල් පහරදීමට උත්සාහ දරා ඇතැයි වාර්තා වේ. 04 December 2021
’’ඔමික්‍රෝන් ආසාදිත කත එන්නත් ගෙන නැහැ’’ මෙරටින් හමුවූ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදනයවූ ශ්‍රී ලාංකික කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ තැනැත්තියක බවට තොරතුරු අනාවරණයවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 04 December 2021
කර්මාන්ත - ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට අවසර කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා සහ ආදාහනාගාර භාවිතයට ගෑස් නිකුත් කිරීමට ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය අවසර ලබාදී තිබේ. 04 December 2021
අද සිට විදුලි කප්පාදුවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (4) සිට දින හතරක් පමණ අවම වශයෙන් පැයක කාලයකට විදුලි සැපයීම අත්හිටුවීම සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. 04 December 2021
’’ජනමාධ්‍යවේදීන් සඳහා පඩිපාලක සභාව ශක්තිමත් කරනවා’’ ජනමාධ්‍යවේදීන් සඳහා වන පඩිපාලක සභාව ශක්තිමත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 04 December 2021
ලාංකික කළමණාකරුගේ ඝාතනයේ තොරතුරු එලියට පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්ත ශාලා කළමනාතරු අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම හේතු වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ආගම් සම්බන්ධයෙන් වන සටහනක් ඉවත් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයා කටයුතු කිරීම යැයි පකිස්ථාන ආංරංචි මාර්ග වලන් සදහන් වේ. 04 December 2021
ආණ්ඩු පක්ෂ, විපක්ෂ සංවාදයකින් මැතිසබය උණුසුම් වෙයි පෙරදින ඇති වූ සිද්ධියක් පදනම් කරගෙන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ දිගු සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම්කාරී තත්වයක් අද(4) පෙරවරුවේ ඇතිවිය. 04 December 2021
විශ්‍රාම යාමේ වයස 55 න් ඉහළට ගෙනියන්න එපා රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 න් ඔබ්බට දීර්ඝ නොකරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 04 December 2021
මන්ත්‍රීවරු රොත්තක් කාර්ය මණ්ඩල තනතුරු පවුල් අතරේම බෙදාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ සිය කාර්ය මණ්ඩලය සඳහා බිරිඳ ,දූ පුතුන් සහ පවුලේ කිට්ටුවන්ත ඥාතීන් පත් කරගෙන සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 04 December 2021
තෙල් බදු අඩුකරන්නැයි ඇමැති ඉල්ලයි තෙල් සංස්ථාව ආර්ථික දුෂ්කරතා මැද පවත්වාගෙන යන හෙයින් ඉන්ධන සඳහා අය කෙරෙන බදු මුදල් අඩුකර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. 04 December 2021
හිටපු ඇමැති දෙකක් රජයේ ඉඩම් කොල්ල කාලා මීගමු ප්‍රදේශයේ හිටපු ඇමැතිවරයකු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අනුරාධපුර අක්කර 50 ක පමණ කැලෑ ඉඩමක් පොල්වත්තකට මාරු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවැසීය. 04 December 2021
සිසුන් දෙදෙනා මුහුදට බිලි ඊච්චලන්පත්තු වාලෙයිතෝට්ටම් ප්‍රදේශයේ මුහුදේ දින නෑමට ගිය සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ඊච්චලන්පත්තු පොලිසිය කියයි. 04 December 2021
හොරොව්පොතානෙන් කොල්ල කෑ බසය ගල්ඔයෙන් අල්ලයි හොරොව්පොතාන අලුත්ඔය ප්‍රදේශයේ ඇඟළුම් සේවිවාකවන් ප්‍රවාහනය කළ බස් රථ්‍යක් රියදුරුද සමග පැහැරගෙන යමින් සිටියදී ගල්ඔය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව ගල්ඔය පොලිසිය කියයි. 04 December 2021
තැනින් තැනට අද රෑ තද වැසි පළාත් කිහිපයකට අද (4) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 December 2021
සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් බැසයයි ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය. 04 December 2021
ගුවන්තොටේ කුලි වෑන් රියේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 23 පොටෑසියම් පර්ක්ලෝරයිඩ් නැමැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ඇතුළුවීමට තැත් කළ ගුවන් තොටුපළ කුළී රථ රියැදුරකු සහ එම වෑන් රථය අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය කියයි. 04 December 2021
මන්ත්‍රීවරු දෙකක් මැතිසබයේ සෝපානයේ හිර වෙති පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අද (3) පස්වරුවේ එහි විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 03 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026