‘ප්‍රියන්ත කුමාර‘බේරිමට තැත් කළ පාකිස්ථානුවාට සම්මානයක් පකිස්ථානයේ සියල්කොට්හිදී වද හිංසනයට ලක් කර අමානුෂික ලෙස ඝාතනය කළ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහාතාට පහර දෙන අවස්ථාවේ ඔහුව ආරක්ෂා කිරීමට උපරිම උස්සහ ගත් පාකිස්ථානු ජාතික මලික් අද්නාන් නමැති පුද්ගලයාට පාකිස්ථානයේ නිර්භීත කම සඳහා වන දෙවන ඉහළම සිවිල් සම්මානය ලබා දෙන බව පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර සිටී. 06 December 2021
‘ප්‍රියන්ත කුමාරගේ‘ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල, කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ මරණ ගැන විධිමත් පරික්ෂණයක් කරන ලෙස හා ප්‍රියන්ත කුමාර වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලය හා ජන බල පවුර සංවිධාන එක්ව අද (06 ) පාක්ස්තානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ. 06 December 2021
මැතිසබයේ පැය තුනකට සීමාවෙයි පාර්ලිමේන්තු අයවැය විවාදයේ කටයුතු අද (6) පැය තුනකට සීමාවීම විශේෂ සිද්ධියක්විය. මෙවර අයවැය විවාදයේ කටයුතු මෙලෙස කෙටි වේලාවකට සීමාවූ පළමු අවස්ථාව මෙයයි. 06 December 2021
‘කොස් උරුමයක පුනරුදය‘ ඇරඹේ කර්මාන්ත අමාත්‍යංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කොස් සහ කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ‘කොස් උරුමයක පුනරුදය‘ ජාතික ව්‍යාපෘතිය ඇරඹීය. 06 December 2021
හෙටින් පස්සෙ විදුලිය කපන්නේ නෑ විදුලි සැපයුම හෙට (8) සිට අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 06 December 2021
‘සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නාවත් භෝජනාගාරයට ඇවිත්‘ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැතැයි පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාව වර්ජනය කළද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනකු පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දැනට උදේ ආහාරය ගත් බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 December 2021
‘‘විදුලිය බිඳවැටීම කඩාකප්පල් වැඩක්‘‘ රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පිළිගත හැකි බොහෝ සාධක ඇතැයි ලංකාවිදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය කියයි. 06 December 2021
බී.ඕ.අයි අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 06 December 2021
ආබාධිත වූවන්ට හේමාස් වෙතින් ගීතයක් හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ‘හේමාස් අවුට්රීච් පදනම’ මේ මස 3 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ගීතයක් එළිදැක්වීය. 06 December 2021
කිරිපිටි ආනයනයට යළි ඩොලර් හරස් වෙයි රටපුරා ආනයනික කිරිපිටි සහ දේශීය කිරිපිටි හිඟයක් ඇති වී තිබේ. 06 December 2021
නත්තලේ සූදානම අසිරිමත් නත්තල සැමරීම සඳහා මේ දිනවල සිටම ජනතාව සූදානම් වන අයුරු කොළඹ නගරයේ දී දැකගතහැකි හැකිය. 06 December 2021
ගෑස් සැපයුම යථා තත්වයට ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙක සාමාන්‍ය වෙළෙඳපොළ සැපයුම අද (6) පෙරවරුවේ සිට ආරම්භ කළ බව එම සමාගම් දෙක පැවසීය. 06 December 2021
සූ කී වසර 4 ක් හිරේ හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ අධිකරණයක් අද (6) නියෝග කළේය. 06 December 2021
මැතිසබේදී සහ පිටතදී වූ සිද්ධීන් ගැන හොයන්න කමිටුවක් මැතිසබයේදී සහ ඉන් පිටතදී පසුගිය දින කිහිපයේදී ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 06 December 2021
වටදාගෙට නිදන් හොරු පනිති මැදිරිගිරිය වටදාගෙය පූජා භුමිය තුළ නොයෙක් අපචාර සිද්ධීන්, නිදන්වස්තු කොල්ලකෑම ඇතුළු නොයෙකුත් දුරාචාරයන් සිදුවන බවට ගම්වාසීහු සහ වන්දනාකරුවෝ චෝදනා කරති. 06 December 2021
බැඳුම්කර නඩුවක චෝදනා 11කින් රවී ඇතුළු පිරිස නිදහස් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. 06 December 2021
මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයන් මරු තුරුලට මුලතිව් මුහුදු වෙරලේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදු රළට ගසාගෙන ගොස් දෙදෙනකු අතුරුදන් වී එක් අයෙකු මියගොස් ඇතැයි මුලතිව් පොලීසිය පවසයි. 06 December 2021
සජබ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හිරිහැර සිදුවන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය. 06 December 2021
ශ්‍රි ලන්කන් ගුවන් සේවය ‘ගැන් දූපතට‘ ගමන් අරඹයි ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ’ගැන් දූපත’ වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ. 06 December 2021
අම්මයි දුවයි නිල්අඹ ඔයේ ගසාගෙන යති ගම්පොළ නිල්අඹ ඔයෙහි ඊයේ (5) සවස දිය නෑමට ගිය 5 දෙනකු දියේ ගසාගෙන ගොස් ඉන් දෙදෙනකු බේරාගත් බවත් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි. 06 December 2021
’’කෙසෙල්වත්ත පවාස්’’ ඝාතනයට හතරක් මාට්ටු කොළඹ කෙසෙල්වත්තේ පරණ යොන් වීදියේ දී ඉකුත් 4 වැනි දින රාත්‍රියේ දී ’’කෙසෙල් වත්ත පවාස්’’ නැමැති පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව මහතා පැවසීය 06 December 2021
මන්ත්‍රී නොහික්මුණු හැසිරිම් ගැන කතා කරන්න පක්ෂ නායකයෝ එක් වෙති මැතිසබයේදී සහ ඉන් පිටතදී පසුගිය දින කිහිපයේදී ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ( පක්ෂ නායක රැස්වීම) විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 6) උදේ 8.30ට පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වලින් පැවසේ . 06 December 2021
දරුවන්ට ඔන්ලයින් කරන්න ගෙට ලයිට් ගන්න දඟලන මවක් තම දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන හා ආරක්ෂාව වෙනුවෙන් කුඩා පැල්පතට වසර අටක් තිස්සේ විදුලිය ලබා ගැනීමට වෙරදරන මවක වැලිඔයෙන් අපට හමු විය. 06 December 2021
යුගදනවි ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට හෙට ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 06 December 2021
‘‘දරුවන් වෙනුවෙන් ප්‍රියන්තට සාධාරණයක් කරන්න‘‘ මහත්තයා නිතරම අපිට කතා කරනවා. කිසිවිටෙක කරදරයක් හිරිහැරයක් ගැටලුවක් ගැන කිව්වේ නැහැ. ප්‍රවෘත්තිවලට කිව්වාම තමයි අහස පොළොව නුහුළන මේ අපරාධය අහන්න ලැබුනේ. ලංකාවේ ජනාධිපතිතුමන්ගෙනුත් පකිස්තානේ ජනාධිපති අගමැති තුමන්ලාගෙනුත් මම ඉල්ලන්නේ දරුවන් දෙදෙනා වෙනුවෙන් සාධාරණයක් කරන්න යැයි පකිස්ථානයේදී අන්තවාදීන් පිරිසක් පහරදී මරා පුලුස්සා දැමූ ශ්‍රී ලාංකික ඉංජිනේරු දියවඩනගේ දොන් ප්‍රියන්ත කුමාර (49) මහතාගේ බිරිය නිලූෂි දිසානායක මහත්මිය පැවසුවාය. 05 December 2021
ඔමික්‍රෝන් ගෙනා කත එන්නත් නැතිව රට ගියේ කොහොමද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළු වූයේ කෙසේදැයි වහාම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 05 December 2021
රනිල් ඉන්දියන් සාගර සමුළුව අමතයි කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම් හමුවේ සෞඛ්‍ය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇති වන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අබුඩාබියේ පැවති ඉන්දියන් සාගර සමුළුව අමතමින් අද (5)පැවසීය. 05 December 2021
මෝටාර් උණ්ඩය කපන්න ගොස් මරු තුරුළුට යයි කිලිනොච්චිය , පරන්තන් උමයාගපුරම් ප්‍රදේශයේ අබලි යකඩ එකතු කරන නිවසක මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව 15 හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය කියයි. 05 December 2021
කොරෝනා වයිරසයේ ගෝලීය තත්ත්වය ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 05 December 2021
පළමු වටයේ රෝගීහු 500 සීමාව පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 586 දෙනකු අද (5) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026