(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම රෝහල බැගින් වෙන්කර රෝහල තුළ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
උසස් පෙළ විභාගය වැඩි දින ගණනක් ක්‍රියාත්මක වන විභාගයක් වීම නිසා විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවත් ඒ සඳහා වෙනම රෝහල් හදුනාගෙන තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගෙන ඇති රෝහලට දරුවන් ඇතුළත් කර රෝහල විභාග මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක් නමුත් සමහර ගෙවල්වල කොවිඩ් හැදුණු දරුවන්, විශේෂයෙන්ම ගැහැණු ළමයින්ව රෝහල් ගතකිරීමට අකමැති මවු පියන් ඉන්නවා. ඔවුන් තමන්ට පුද්ගලික ආයතන හරහා පී.සී.ආර් කරගෙන පවුලේ අනික් අයට පී.සී.ආර් නොකර දන්නා හඳුනන වයිද්‍යවරුන්ගෙන් ගෙදරට බෙහෙත් වර්ග ගෙන්නගෙන බොනවා. දන්නා ගෙදරක තිබෙනවා ඔය වැඩේ කරන. තාත්තා ගේ ඇතුලේ. අසනීපයෙන් ඉන්න අම්මා සහ එක් දරුවෙක් ඔවුන්ගේ වාහනයෙන් තැන තැන යනවා ගෙදර වැඩවලට. උසස් පෙළ කරන්න ඉන්න දියණිය සෑහෙන අසනීපයෙන් නමුත් හොරෙන් බෙහෙත් දෙනවා විභාගයට අරින්න ඕන කියලා. ඉතින් එක්කෝ ඒ ළමයා අසනීපයි කියලා විභාග නොකර ඉඳීවි නැත්නම් මොන ලෙඩේ තිබුණත් 7 වනදා විභාගයට යාවි. රෝහල් ගත කිරීමක් නෑ දරුවාට කොවිඩ් තියෙනවද නැද්ද කියලා බලන්නේ නැති නිසා. මේවාට රජයට බැනලා වැඩක් නෑ. වැඩිහිටියන් විසින් ගන්න තීරණ. ගෑනු ළමයෙක් තනියෙන් රෝහල් ගතකිරීම බයවෙන දෙයක් තමයි ඒත් මේ ප්‍රශ්න වලට පිළිතුරු දීම උසස් පෙළ හෝ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න වලට පිළිතුරු දෙනවටත් වඩා අමාරුයි.