පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කළ හැකි යෝධ ග්‍රහකයක් හෙට (19) පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් පෘථිවිය අසලින් ගමන් කරනු ඇත.
කිලෝ මීටරයක විශ්කම්බයක් ඇති මෙම ග්‍රහකය ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බර්ජ් කලීෆා ට වඩා උසය. බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලේ උස මීටර් 830 කි. මෙම ග්‍රහකය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලටත් වඩා තුන් ගුණයකින් විශාලය.
තාරකා විද්‍යාඥයන් 7482 (1994 පී.සී.) යන නිල නාමයෙන් නම් කළ මෙම යෝධ ග්‍රහකය, සොයා ගනු ලැබ ඇත්තේ 1994 වසරේ දී ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ රොබට් මැක්නෝට් විසිනි.
ශ්‍රී ලංකාවේ වේලාවන් හෙට (19) අලුයම 3.21 ට 7482 (1994 පී.සී.) ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ තවත් වසර 200 කිනි.
(විමුක්ති එස්. රුද්රිගු)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යෝධ ග්‍රහකයක් පෘථිවිය දෙසට එනවා
patiya Tuesday, 18 January 2022 05:04 PM
මේක අපේ රටට හරවගන්න බැරිද?
kemoThursday, 20 January 2022 03:20 PM
මුහුද මැද්දේ ගිනිගන්න නැව් ගෙනැල්ලා අස්සේ දාගෙන... අපිට ඕවත් වැඩද මල්ලි..?
Wimalasena wijethung Tuesday, 18 January 2022 06:17 PM
ඒකවත් හැපිලා ඉවරයක් වෙනවා නම් ලොකු දෙයක්...