(ඔගස්ටින් ප්‍රනාන්දු සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත පදවියේ බෝලවත්ත පරලෝකරාජේශ්වරි මැනියන් නමින් කැප කර ඇති දෙව් මැදුරේ පරණ පල්ලිය බිමෙහි  සිදු කළ කැණිමක දි වසර ගණනාවකට කලින් මිහිදන් කර තිබු මෘත ශරීර තැන්පත් කර ඇති කිසියම් ඝන ද්‍රව්‍යයකින් නිර්මාණය කළ පෙට්ටියක් හමුවු ඇති බව බෝලවත්ත මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමෝ පවසති.

මෙරට කිතුණු ඉතිහාසයේ වැදගත් සිද්ධින් ගණනාවකකට පාදක වි ඇති මෙම දෙව් මැදුර වෙත මෙරට පළමු ශුද්ධවන්තයාණන් ලෙසින් අභිසේක ලද ජුසේ වාස් පියතුමා පවා පැමිණ ඇති බවත් පසුව මෙහි වැඩ වාසය කළ ගොන්සාලිස් පියතුමාගේ සිරුර ද මෙහි මිහිදන් කර ඇති බවත් කියති.

පසු කාලවල දි සේවය කළ රදගුරු හිමිවරුන් වන කිහිප නමකගේ සිරුරු පවා මෙම දෙව්මැදුර තුළ මිහිදන් කර ඇති බවත් කිතුණු ඉතිහාසයේ දැක්වේ.

මේ දිනවල පරණ පල්ලියේ බිමෙහි කැණිමක් දී මෙම සොහොන් ගැබක් මතුවි ඇති බවත් ඒ මෘත ශතැන්පත් කරණ පෙට්ටියක් තිබු බවත් කියති.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)