(අංජුල මහික වීරරත්න)

විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අතර අර්බුදය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කොට විසඳා ගන්නේ නැත්තේ ඇයි දැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලය මෙන්ම ඛනිජ තෙල් සංස්ථාව රජයේ ආයතන වන අතර ඒවා පාලනය කිරීමට ඇමැතිවරුන් පත් කර ඇතැයි කී විජයවර්ධන මහතා වර්තමානයේ පැන නැගී ඇති සියලු  අර්බුදවලට හේතුව ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතා බවද සඳහන් කළේය.

මේ ප්‍රශ්න විසඳන්නට බැරිනම් ඇමති මණ්ඩලයක් පැවතීමේ ප්‍රයෝජනය කුමක්දැයි රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය. බියගම පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී එජාප නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.