
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (18) දා උදෑසන සේවයෙන් ඉවත්ව විරෝධතාවක් නිරත විය.
අපේක්ෂා රෝහලේ හෙද - හෙදියෝ 300 කට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් රෝහල ඉදිරිපිට දී පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ.
ශල්‍යකර්ම සඳහා නියමිත නාමලේඛනයේ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නොවන දෙදෙනෙකුට අයත් රෝගීන් දෙදෙනකුගේ නම් දෙකක් තිබීම පිළිබඳව ප්‍රධාන හෙද නිලධාරිනිය මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් විමසා තිබේ .
එහිදී වෛද්‍යවරයා ඊට උරණ වි ශල්‍යාගාරය භාර ප්‍රධාන හෙද නිලධාරිනිය සමග බහින් බස් වීමක් ඇති කරගෙන පසුව ඇයට පරුෂ වචනයෙන් බැන මෙසේ පහරදීමක් සිදුකර ඇතැයි විරෝධතා කරුවෝ චෝදනා කරති
පසුව පහරකෑමට ලක්වූ ප්‍රධාන හෙද නිලධාරීනිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලා තියෙන්නේ මෙහි වාර්තා කර ඇති දේ නම් වෛදය සභාව මේ ගැන විනයානුකුල පරීක්ෂණයක් සිදු කල යුතුයි
මේ හෙදියගේ කට වැදී.දොස්තර පහර දුන් එක ඉතාම සාදාරණයි
මම හිතන්නේ අපේ රටේ ඉස්පිරිතාල තියෙන්නේ රෝගීන් සඳහා නොවෙයි, වෘතිකයන්ට සේවය කරන තැනක් ලෙස. රෝගීන්ට බෙහෙත් කිරීම දෙවැනි වෙනවා. ඕනෑම විශාල ආයතනයක මෙවැනි ගැටළු සුලබයි. නමුත් මේවා ප්‍රධාන කරගෙන තමන්ගේ සේවය නවත්වා පොඩි එවුන් ලෙස රණ්ඩු කර ගන්නේ විශාල රජයේ ආයතනවල පමණයි. මේ ආයතන සහ වෘත්තීන් (ගුරු වෘත්තීය, වෛද්‍ය වෘත්තීන්, ලංවිම ඉංජිනේරු, දුම්රිය රියදුරු, රේගුව, පොලිසිය - ප්‍රාදේශීය සභා, පළාත්සභා සහ පාර්ලිමේන්තුව ) සම්පුර්ණයෙන් වෙනසකට ලක් කල යුතුයි. මොවුන්ට ප්‍රථමයෙන්ම ලෝකයේ තමන් හා සමාන වෘත්තිකයින් වැඩ කරන පිළිවෙල ගැන හොඳ අවබෝධයක් ලබාදිය යුතුයි. අපේ රටේ වෘතිකයින් දිවුණු රටවල වෘතිකයින් පසු පස තමයි යන්නේ. ඇයි එක පිළිගන්න අකමැති? මුල් ආයතන වල වැඩි වශයෙන් ඉන්නේ පොතේ පතේ දැනුම පමණක් ගත් පිරිසක්. ඔවුන් වෙනස්කම් වලට බයයි. එක නිසා වෙනස්කම් කිරීම පිළිවෙලකට සහ ක්‍රමානුකුලව කල යුතුයි. හරිම අමාරු වැඩක්, නමුත් නියම දේශපාලන නායකත්වයකට කල හැකි වැඩක්.
මේ දොස්තර වැරදි රෝහලට එවලා තියෙන්නේ ,යවන්න ඕනේ මුල්ලේරියාව රෝහලට
ඔය එන්නේ .හොර පාරෙන් ගෙනල්ලා පොදු ජන වියදමින් ශල්‍යකර්ම කරලා සාක්කුව පුරවා ගන්න වදිය.ඉගෙනගෙනත්
උද්ඝෝෂණ වලින් වැඩ වර්ජන වලින් අපහසුතාවට පත්වෙන්නේ ගහපු දොස්තර නෙවෙයි. බෙහෙත් ගන්න එන අසරණ ලෙඩ්ඩු. ඒ නිසා දොස්තර කෙනෙක් ගැහුවා නම් වට වෙලා එයාට ගහන්න. මේ වගේ මෝඩ වැඩ කරන්න එපා. ඔයාලා අධ්‍යාපනය අතින් ඉහලින් හිටියට විනය අතින් නම් ඉන්නේ නුගත් ගැමියෙකුටත් වඩා ගොඩක් පහලින්.
එහෙනම් විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා විශේෂ පරීක්ෂණයක් තියන්න වෙයි
මේ දොස්තර මෙහි කූට ජාවාරමක් කරගෙන ගිය බව වැටහෙනවා.වහාම මොහු සේවයෙන් නෙරපා දැමිය යුතුයි
මේ රටේ තියන තවත් ගොන් පාට් එකක් තමයි මේ කන්සල්ටන්ට්ස් ලට අනවශය වටිනාකමක් දීම . රෝහල තුලදී මෙඩි කෝස් ලාටත් මෙයාල ඉන්නේ පාට් එකේ දමාගෙන උන් පනබයයි ඊටපස්සේ ඉන්ටෙර්න් සහ ප්‍රී ඉන්ටෙර්න් ඉන්න අය ටත් එහෙමයි ඒ ඔක්කොම පැත්තකින් තියමු පුද්ගලික අංශයේත් ඔය මම දැකල තියනව සමහර අය එනකොට ඒවායේ ඉන්න "ඊනියා නර්ස්ල " නැගිටලා බයෙන් ඇකිලෙනවා සමහර ලෙඩ්ඩුත් එහෙමයි දෙකට තුනට නැවිලා සර් බර් කියාගෙන අනවශ්‍ය වටිනාකමක් දෙනවා එහෙම අවශ්‍ය නැහැ විශේෂයෙන් පුද්ගලික චැනල් සේවාවේ දී මිනිස්සු යන්නේ මුදල් ගෙවල එයාල එන්නෙත් හම්බකරන්න මම කියන්නේ නැහැ කාටවත් කන්සල්ටන්ට ට හලෝ මචන් කියල කරට අත දාන්න කියල එයාලගේ උගත් කමට සලකන්න ඕන නමුත් මේ රටේ තියන මේ සිස්ටම් එක වැරදියි (ඔයිට සමාන සුදුසුකම් තියන රාජ්‍ය ආයතනයක වරලත් ඉංජිනේරුවෙක් හා සසඳලා බලන්න එයාල ටත් සේවකයෝ අන වශය ගෞරවයක් දෙනවද කියල )
අනේ එහෙම අපහාස කරන්න එපා.විශේෂඥ වෛදය වරු කියන්නේ රටේ ක්‍රීම් එකෙන්
කව්ද දන්නේ කටකාර හෙදියක් දොස්තරටත් ජාති දාන්න ගියාද කියලා? මේ උන්දැලා ගැන අපි නොදන්නවා නොවෙයිනේ...