මන්ත්‍රීවරු දෙකක් මැතිසබයේ සෝපානයේ හිර වෙති පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අද (3) පස්වරුවේ එහි විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 03 December 2021
ඔරුව සමග කළුගඟේ ගිය හතරක් බේරා ගැනෙති හොරණ ගාල්පාත ප්‍රදේශයේ සිට කළුතර බොලොස්සගම ප්‍රදේශයට පිරිසක් එතෙර කරමින් තිබූ ඔරුවක් පස් දෙනකු සමග පෙරළී ඇති අතර ඉන් සිවු දෙනකු බේරාගත් බව පොලිසිය කියයි. 03 December 2021
ලාංකිකයාගේ ඝාතනය ගැන අගමැති ඉම්රාන් කනස්සල්ලෙන් පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (03) පැවසීය. 03 December 2021
චූන් පාන් වෙළෙන්දා දැරියක් අරන් මාරු වෙලා බාල වයස්කාර දැරිවියක් අපහරණය කළ බව කියන චූන් පාන් වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය කියයි. 03 December 2021
චීවරය කෙළෙසූ කුඩ්ඩා මාට්ටු ව්‍යාජ භික්ෂු හැදුනුම්පතක් සමග අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහි වූ සිවුරක් දරාගත් සැකකරුවකු සහ ඔහුට මත් ද්‍රව්‍ය මිල දී ගෙනවිත් දුන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි. 03 December 2021
අද ආසාදිතයන් 725ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 217 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 December 2021
ජනපති ‘ඉන්දියානු සාගර සමුළුවට’ යයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ පිටත්ව ගියේය. 03 December 2021
පාකිස්තානයේදී ලාංකිකයකු මරා පුළුස්සයි පකිස්ථානයේ සියල්කෝට් නගරයේදී කර්මාන්ත ශාලාවක සේවකයින්ගේ පිරිසක් එහි කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකුට පහර දී ඝාතනය කර පුළුස්සා මරා දමා ඇතැයි එරට එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වෙබ් අඩවිය අද (03) වාර්තා කළේය. 03 December 2021
ඇතැම් ප්‍රදේශවල නැවතත් විදුලිය විසන්දි වෙයි නොරෝච්චෝල ගල් අඟුරු බලාගාරය බිඳවැටීම නිසා රටපුරා විවිධ ප්‍රදේශවල විටිින් විට විදුලිය විසන්ධි වීම් සිදුවිය හැකි බව ලං.වී.ම ප්‍රකාශකයෙක් කීය. 03 December 2021
කොවිඩ් ආසාදිතයන් 508 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (3) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 03 December 2021
සහරාන්ලා 2018දී මඩකලපුවට බොම්බ ගහලා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සිටින මොහොමඩ් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් 2018 වසරේදී මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථාන දෙකකට කාල බෝම්බ ප්‍රහාර දෙකකට සම්බන්ධ බවට හෙළිව ඇතැයි පොලිසිය කියයි. 03 December 2021
කොරෝනා මරණවල අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 December 2021
විදුලිය බිඳවැටීම ගැන ජොන්ස්ටන් පරීක්ෂණයක් ඉල්ලයි පාර්ලිමේන්තුවේ විදුලිය ඇණහිටීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී පරීක්ෂණයක් පවත්වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. 03 December 2021
විදුලි සැපයුම යථා තත්වයට විසන්ධි වූ විදුලි සැපයුම මීට සුළු වේලාවකට පෙර යථා තත්වයට පත්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 03 December 2021
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවයි “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. 03 December 2021
දුම්රිය ධාවනය යථාතත්වයට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ආරම්භ කරන දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2021
රාජ කොල්ලුරේට කොරෝනා වයඹ පළාත් ආණ්ඩුකාර රාජ කොල්ලුරේ මහතා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව වාර්තා වේ. 03 December 2021
ලිට්රෝ - ලාෆ් සැපයුම අඛණ්ඩව ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකම ගෑස් සැපයුම තව දුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව අද (03) පස්වරුවේ කළ විමසුමකදී පැවසීය. 03 December 2021
පොහොර ආනයනය කළ සමාගමට එරෙහි වාරණය දික් කරයි එකඟ වු පරිදි ජීවානුහරණය කළ කාබනික පොහොර එවීමට වු එකඟතාවය අනුව කටයුතු නොකරන ලදැයි කියමින් ‘චින්ඩාඕ’ චීන සමාගමෙන් කාබනික පොහොර ආනයනය කළ දේශිය නියෝජිතයාට ණයවර ලිපි මඟින් මුදල් ගෙවීම වළක්මින් මහජන බැංකුවට හා දේශිය නැව් සමාගමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරිමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (03) නියම කළේය. 03 December 2021
ඥාන අක්කගේ හෝටලය හදන්න හමුදාව යෙදවීම වැරදියි අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. 03 December 2021
’’ප්‍රමිතියෙන් තොර ගෑස් ජනතාව අතරට යාම නැවැත්තුවා’’ ගෑස් සම්බන්ධයෙන් රට තුළ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්වයට ගතහැකි වඩාත් ඉක්මන් පියවර ලෙස ප්‍රමිතියෙන් තොර ගෑස් රට ඇතුල්වීම සහ රට තුළ ඇති ගෑස් කර්මාන්ත ශාලාවෙන් වෙළෙඳපොළට පිටවීම නතර කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පස්වරුවේ (03) පැවසීය. 03 December 2021
විදුලි ඉන්ජිනේරුවන්ගෙ අකුරට වැඩ කිරීම අත්හිටුවයි විදුලි ඉන්ජිනේරු සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රීයාමාර්ගය වහාම තාවකාලිකව අත්හිටුවීීීමට එම සංගමය තීරණය කළේය. 03 December 2021
සරත් - සරත් ගැටී මැතිසබයේ උණුසුම් වෙයි ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙද්දී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (3) පෙරවරුවේ ඇතිවිය. 03 December 2021
පාසල් නිවාඩුව සති දෙකයි රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල්වලට එළඹෙන උත්සව සමය වෙනුවෙන් මේ මස 23 වැනි බ්‍රහස්පතින්දා සිට සති දෙකක නිවාඩුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 03 December 2021
විදුලිය කැපී කුමන්ත්‍රණයක් නම් ඊට පියවර ජාතික ආරක්ෂාව ගැන කතා කරන අවස්ථාවක විදුලිය විසන්ධි කර යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළේ නම් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. 03 December 2021
ජල සැපයුමටත් බාධා විදුලිය බිද වැටීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල සැලයුමද ඇන හිට ඇති බව වාර්තා වේ. 03 December 2021
සෙලෙන්දිවා පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති සංශෝධිත මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03 ) අවසර ලබා දුන්නේය. 03 December 2021
විදුලිය නැති වුණේ සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් නිසා විදුලිය බිඳ වැටීමට හේතුව සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. 03 December 2021
සහරාන්ගේ ගෝලයෙක් මාවනැල්ලෙන් අල්ලයි ප්‍රාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන මොහොමඩ් සහරාන් ඇතුලු ඝාතකයින් සමග සම්බන්ධකම් පැවැත්වීම සහ සහරාන්ගේ අන්තවාදි පන්ති වලට සහභාගි වීම සම්බන්ධයෙන් සැකකරුවෙක් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ මහනුවර ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 03 December 2021
‘උඩරට මැණිකේ’ සඳුදා යළි ධාවනයේ ‘කොවිඩ්’ වංසගතය හේතුවෙන් අත්හිටුවූ කොළඹ කොටුව සහ බදුල්ල අතර ‘උඩරට මැණිකේ’ සීග්‍රගාමී දුම්රිය ලබන සඳුදා (6 වැනිදා) නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 03 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026