‘‘ඔමික්‍රෝන් පරද්දන්න බූස්ටර් ගන්න‘‘ පළමු අවස්ථාවෙන්ම කොරෝනා මර්දන ‘බූස්ටර් එන්නත’ ලබා ගන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාද්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 02 December 2021
විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට චෝදනා රැසක් රට සෞභාග්‍යමත් කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසිලන්තයක්, පෝලිම් ලන්තයක්, කොමිස් ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 December 2021
ගෑස් පිපිරීම් ගැන විශේෂ සාකච්ඡාවක් ගෑස් පිපිරීම් සහ ගෑස් කාන්දුවීම් හේතුවෙන් ජනතාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීම සහ සංයුතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර තව දුරටත් වෙළෙඳපොළ තුළ තිබීම පිළිබඳව ගෑස් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 02 December 2021
‘ රට වෙනුවෙන් ඇතැම් තීරණ ගන්නේ දේශපාලන අනාගතය උකස් කරලා‘ ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු හා අසීරු තීන්දු ගැනීමට සිදුවන යුගයකට වත්මන් ආණ්ඩුව එළඹ ඇති බවත්, එම තීරණ ගැනීමට සිදුවන්නේ දේශපාලන අනාගතය උකස් කරමින් බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 02 December 2021
‘හරක් කටා‘ගේ මුදල් භාරකාරිය අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගේ මුදල් භාරකාරිය ලෙස කටයුතු කළ කාන්තාවක් දෙහිවල නැදිමාලේ නිවසකදී මුදල් තොගයක් සහ සිම් කාඩ්පත් රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 02 December 2021
මහින්ද හිටපු විදුහල්පති යළි රිමාන්ඩ් ගාල්ල මහින්ද විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 කූඨ ලේඛන සකස් කර වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයා සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනිය 16 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද සවස නියෝග කළේය. 02 December 2021
‘මේ වෙලාවේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැ‘ බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 02 December 2021
‘බස් ගාස්තු සංශෝධනයක් ඕනෑ‘ ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ දී පැවසීය. 02 December 2021
ගුවන්තොටේදී පි.සී.ආර් නැතිනම් ඉදිරිය භයානකයි‘‘ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කරන්නැයි ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය කොවිඩ් මර්දන කමිටුවට යෝජනාකර තිබේ. 02 December 2021
ශල්‍ය වෛද්‍යවරිය වැරදි කකුල කපලා වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ. 02 December 2021
‘වරාය අධිකාරියේ අක්කර 13ක් චීනයට කෝටි 3000කට විකුණන්න යනවා‘ කොළඹ වරාය අධිකාරියට අයත් අක්කර 13 ක ඉඩමක් චීනයට රුපියල් කෝටි 3000කට ලබා දීමට කටයුතු කරගෙන යන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය. 02 December 2021
වැවිලි බෝග රට යවා ඩොලර් බිලියන 4 ක් හොයන්න යයි වැවිලි බෝග අපනයන කටයුතුවලින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි. 02 December 2021
සංචාරකයන් ඇද බැඳ ගන්න ලස්සන වැඩක් ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් සැකසූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටි. 02 December 2021
ගෑස් කාන්දුව ගැන කියන උපකරණයක් නිපදවයි ගැස් කාන්දුවක් ගැන කලින් අනතුරු අඟවන උපකරණය දෙකක් පිලියන්දල ප්‍රදේශයේ තරුණයකු විසින් නිපදවා ඇත. 02 December 2021
අනුරාධපුරයේ පාසල් දරුවන් 1000 කට කොරෝනා අනුරාධපුරය කොරෝනා රතු කලාපයක් බවට පත්ව ඇති බවත් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවැසීය. 02 December 2021
එන්නතටත් අහන්නැති ඔමික්‍රොන් අවදානම වැඩි වෙයි ඔමික්‍රොන් ප්‍රභේදයට එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ඉකා අඩු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය. 02 December 2021
පොහොර තහනම ගැන කරූ කියන කතාව පොහොර තහනම ගෙන ඒමට ප්‍රථම ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් බුද්ධිමතුන්ගෙන් ලබා ගත්තේ නම් අද ඇතිවී ඇති මහා වියවුලට රට පත්නොවනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 02 December 2021
නීති විරෝධික්රම වලින් මුදල් උපයන්නන්ට රතු නිවේදන ශ්‍රී ලංකාවට නීති විරෝධී ක්‍රම හරහා මුදල් යොමු කරන සහ බෙදාහරින පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 02 December 2021
‘ගෑස් ගැන හොයන්න රසායානාගාරයක් හදන්න ‘ ගෑස් සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ නියමාකාර රසායනාගාරයක් නැති හෙයින් එවැනි රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය. 02 December 2021
තියුණු ආයුධවලින් පහර කෑ අයෙක් මරුට කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කොට සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි ධර්මපුරම් පොලිසිය කියයි. 02 December 2021
ගම්පහ අවට ප්‍රදේශ තුනකදී ගෑස් ලිප් පිපිරීම් තුනක් ගම්පහ සහ අවට ප්‍රදේශ තුනකදී ගෑස් ලිප් පිපිරීම් තුනක් සිදුව තිබේ. 02 December 2021
‘රජයේ ඉඩම් අක්කරය රුපියල් 500ට වික්කේ කවුද‘ රටපුරා ඉඩම් අක්කර දහස් ගණනක් අක්කරය රුපියල් 500 ගාණේ අලෙවි කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 02 December 2021
කුඩු වික්ක යුවළකට වැඩ වරදී කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු තිදෙනකු කෝටි ගණනකට වටිනා වාහන , රන් බඩු,හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි . 02 December 2021
වව්නියාවෙත් ගෑස් ලිපක් පුපුරයි වවුනියාව, වේරගම රජයේ සේවක නිවාස ව්‍යාපෘතියේ පදිංචි පුද්ගලයකුගේ නිවසක ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබේ. 02 December 2021
අසාද් සාලි නිදොස් කර නිදහස් මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියම කළේය. 02 December 2021
ලංකාවට ලැබුණු ’’ෆයිසර්’’ තෑග්ග ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ’’ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට 12/02 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 02 December 2021
පියාට පහරදුන් අජාසත්ත පුතු රිමාන්ඩ් දේපල ලියා දෙන ලෙසට බලකරමින් සිය පියාට පහරදී බරපතල තුවාල සිදු කොට ඇති බව කියන සැකකාර පුතෙකු මේ මස 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය පෙරේදා (01) පස්වරුවේ නියෝග කළාය. 02 December 2021
බඹරකැලේ නිවසකත් ගෑස් ලිපක් පිපිරෙයි නුවරඑලිය බඹරකැලේ ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුනක් පිපිරිමකට ලක් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය. 02 December 2021
පුත්තලමේ ගෑස් ලිප් දෙකක් පුපුරයි පුත්තලමේ නිවසක හා නොරොච්චෝලේ ආපන ශලාවක ගෑස් ලිප් දෙකක් පුපුරා ගොස් ඇත් බව පුත්තලම , නොරචේචෝලේ පොලීසිය කියයි. 02 December 2021
නාටිටාමි අතින් නාට්ටාමි එළොව යයි මාතලේ නගරයේ අඹගස්බස්නැවතුම්පොල අසළදි නාටාමිවරුන් දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් එක් අයෙකු විසින් සිදු කළ පහරදිමෙන් නාටාමිවරයෙක් මියගොස් ඇති බව පොලිසිය කියයි. 02 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026