
(සුජිත් හේවාජුලිගේ )
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය(2022) බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු සාකච්ඡාවකදී ඊයේ (12) තීරණය කෙරිණ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල වෙසක් උත්සව සංවිධාන කිරීමට අවධානය යොමු කරන්නැයිද අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ අතර නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි අගමැතිවරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
අගමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේ අරලියගහ මන්දිරයේදී පෙරේදා(12) පැවති සාකච්ඡාවකදීය.
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිම පූජා භූමියක් බවට පත් කිරීමට අවධානය යොමු කරන ලෙසද අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් බැති ගී සංදර්ශන දන්සල් වෙසක් පහන් කූඩු තරග, පරිසර සංරක්ෂණ වැඩසටහන්, විශේෂ ආගමික වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම කෙරෙහි මෙන්ම විහාරස්ථාන දහම් පාසල් සහ පිරිවෙන් නඟාසිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සෞඛ්‍ය අංශවල උපදෙස් මත පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් ලෙස සූදානම් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
වෙසක් උත්සවයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා දේවී දේවි වන්නිආරච්චි මහත්මිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ සර් කොච්චර හොඳද.
අන්න නැමෙන තීන්දු නැතුව කෙලින් ගන්න තීන්දු.
දන්සල් දීලා හරි ජනතාව අතරට යන්න පුලුවන්ද බලන්න.
අන්න විශිෂ්ඨ ක්‍රියාවක්. මේ වගේ දේවල් නම් කැඳ වගේ අය ආණ්ඩු කරනකොට බලාපොරොත්තු වෙන්න බෑ. කූරගල ගැන කවුරුත් දන්නව ඇතිනෙ.
කොහොම හරි ජාති වාදේ ආයිමත් මතුකරල, තමන්ගේ වාසියට හරව ගන්න වගේ යන්නෙ. කුරගල නිදහස් කියල පොස්ට් යනකොටම දැන ගත්ත මේක වෙන්න යන්නෙ කියල.. දැන් කරපු වෑඩේ 2005 ඉදන්ම කරන්න තිබ්බ කියල මෙයාට හිතුනේ නැද්ද
කුරියා ගහන්න ළඟ නිසා කරපු පව් වහගන්න දාන පාරමිතාවට බැහැලා හෝ ගාලා වැඩ. වැඩක් නැහැ. අපායේ සියලුම දොරටු විවෘතවෙලා අවසන්.
බුදුන් වහන්සේගේ තෙමගුල සිහිකරන වෙසක් උත්සවය, නත්තල්, රාමසාන්, දීපවාලී උත්සව වලට වඩා උත්සව ශ්‍රීයෙන් යුතුව සැමරීමට කටයුතු කිරීම ගැන ඇත්තෙන්ම මාර අභි මානයක් දැනෙනවා මගේ හිතට. ණයක් අරගෙන හෝ ජයටම මෙවර වෙසක් දිනය සමරා, නෙලුම් කුලුනේ ලයිට් දල්වා ලෝකෙටම පෙන්නන්න ඕනා අපි ප්‍රෞඩ ජාතියක් බව. අන්න එදාට තේරෙයි ඔය මහලොකු ලෝක බලවතුන්ට අපගේ තරම?
එතකොට කුරගල මොහොමඩ් වැඩසිටියා කියනවානේද?
එන්න එපා කූරගල පැත්තේ. එතනත් ඉවර වෙයි.