
(සුජිත් හේවාජුලිගේ සහ ළහිරු හර්ෂණ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තයට අද පෙරවරුවේ හදිසියේම පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කළේය.
ජනාධිපතිවරයා එම පර්යන්තයේ කටයුතු දියුණු කිරීම සඳහා උපදෙස් ගණනාවක් නිලධාරීන්ට එහිදී ලබාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුල තියෙන්නේ තමුන්ගේ ඔළුවේ. තව තවත් අනිත් අය අස් කරලා වැඩක් නැහැ. තමුන් ඉල්ලා අස්වෙන්න.
ජනාධිපතිගේ උපදෙස් නිවැරදි නම්, ජනතාවට මෙච්චර දුක් විඳින්න වෙනවද? ඊයේ මහින්දාන්දත් කිව්වා කාබනික පොහොර මගඩියක් කියල. එයාටත් ප්‍රමාද වෙලා හරි තේරිලා තියන්නේ අසාර්ථක සැලැස්මක් කියල.
සර්, අශ්වයා පැනලා ගිහින් ඉවරයි.
අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීම .... කලින් සර් හිටියා නම් පස්සෙන්දට හරි පත්තරෙන් දැක්ක දේ පේන්න පටන් ගන්නෙ දැන්. නාගානන්ද මහතාත් උසාවියත් ගෑස් සංයුතියේ නිර්නායක නීතිගත කර අවසන්. මාස ගනනාවක සිට ගෑස් පිපිරීම් නිවෙස් ගිණි ගැනීම් ගැන මාධ්‍යයට හැංගි මුත්තං පෑ බොරු බේගල් ඇද දැමූ ලක්ෂ ගනනින් පඩි දුන් වියත් සභාපති දොට්ට දැම්මේ අද. මොකක්ද මෙතෙක් ආණ්ඩුව මේකට කලේ ? මේකට තමයි ෆේල් කියන්නෙ.
අන්න පුපුරන්න තිබුන වෙලාව
සර් එක්ක සෙල්ලං නෑ කියන්නෙ ඒකයි. එක රැයෙන් රසායනික වගාව කාබනික කර රට සුඛිත මුදිත කලා. ගෑස් පිපිරීම් පටන් අරං මාස ගනනාවකින් මාධ්‍ය හා ජනතාව ව්‍යාකුලත්වයකට පත්කළ ලිට්රෝ සභාපති ඉවත් කළා. කොහොමද සර්ගෙ තුන්කල් දැක්ම ?
බලාගෙන පිපිරෙයි. වැඩකරන... සිංදුව දාගෙනද ආවේ.?
දැන් එතකොට ඔක්කෝම ප්‍රශ්න ඉවරයිද ? එයා බැලුවම ?
අම්මෝ ඉන්න ටයි පටි කාරයෝ ගොඩ...............
අර හාල් කඩේට කඩා පැන්නට පස්සේ දේශීය සහලෙන් රට ස්වයම්පොශිතවෙලා ගොවියා රජවී සාධාරණ මිලට සහල් ලබාගත්ත පාරිභෝගිකයා සතුටෙන් ඉපිලී අද වෙනතුරු උදේ සවස නොනවත්වාම කිරිබත් කන හැටි මතක් උනා.
ගෑස් පිපිරිලා වෙන්ඩ තියෙන දේවල් ඔක්කොම උනාට පස්සෙ මෙයා ඇස් ඇරලා තියෙන්නේ ?
අපොයි අර කට වාචාල පරණ අමන්ත්‍රනය.
මේ අය යාම ප්‍රශ්ණ හදලා ... දැන් විසඋුමි හොයන් කමිටුත් දාලා. ලැඡ්ඡ නැතුව. පේලියට ඉදලා ෆොටොත් අරන්. මේ අය තමයි සිද්ද වුන හැම දේටම වගකියන්න ඔනේ.
ජනතාවගේ සල්ලිවලින් නැලවෙන වැඩ බැරි රාජ්‍ය සේවකයින් ගණන මෙයින්ම පේනවා. දේශපාලන පත්වීම් ලබලා ජනතාවගේ පඩි අරන් ජනතාවටම පාට් දාලා විශ්‍රාම යන එක තමයි මේ අයගේ අභිමතාර්ථය...