
(වසන්ත චන්ද්‍රපාල සහ සමන් දිසානායක)
හිගුරාන සීනී සමාගම රජයට පවරා නොගන්නැයි ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය සහ උක්ගොවියෝ හිගුරාන නගරයේ උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
හිගුරාන සීනි ආයතනය සුරුකීමේ සංඝ සභාව මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මහා සංඝරත්නය පෙරටුගෙන හිගුරාන නගරයට පැමිනි ජනතාව පැය දෙකක පමණ කාලයක් විරෝධතා නිරතවූහ.
මෙම විරෝධතා ව්‍යාපාරය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නායක හිමිවරුන් ඇතුලුව උක් ගොවියන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයෝ සහාභාගි වූහ.
රජයට සියයට පනස් එකක කොටස් ඇති මෙම සමාගම අද වෙනවිට ලාභ ලබමින් සිටින අවදියක අමාත්‍යවරයකු මෙම ආයතනය රජයට පවරා ගැනිමට උත්සහ දරණ බව මහා සංඝරත්නය චෝදනා කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට පවරා ගත්තොත් ඔය සමාගමත් ඉවරයි
ඇති යාන්තම් හොඳ දේකට උද්ගෝෂණයක් කරනවා. ලාභ ලබනවා නම්, රජයට කොටස් තියෙනවා නම්. මොන ඉලව්වකට ද ආයේ ගන්න හදන්නේ. ඇමතිට පගාව ලැබිල නැතිව ද ?
දේශපාලනය සහ රජයන් කෙරෙහි ජනතා විශ්වාසය නැතිබව කදිමට පේනවා.
මේවට වග කියන්න ඕනේ විපස්ශයේ අය.මීට බයියෙක්
මේක ආණ්ඩුවට දුන්න හැටියේ වෙන්නේ ප්‍රාදේශීය දේශපාලන හෙන්චයියෝ උන්ගේ ඇම්බට්ටයෝ මේකට දමා ගන්නවා ඊටපස්සේ ආයතය ඉවරෙටම ඉවරයි දැන් පැල් වත්තට වෙලාතියෙන දේ පේනවා නෙව සුද්ද ඉන්න කාලේ කොහොමට තිබුන තැනක්ද ?