(හැටන් රංජිත් රාජපක්ෂ)

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රි 12.00 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් දැඩි අසිරුතාවයට පත් වූහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රි පාද වන්දනා සදහා හැටන් දුම්රිය ස්ථානයට පැමිණි වන්දනාකරුවන් දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය විශ්‍රාම ශාලාවේ නතර වි සිටි අයුරු දක්නට ලැබුණි.

ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනය ආරම්භ කිරිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඊයේ (12) දින මධ්‍යම රාත්‍රියේ සහ අද (13) දින අලුයම ධාවනය කිරිමට තිබු මගි දුම්රියන් දෙකක් නානුඔය දුම්රිය ස්ථානයේ නතර කර තිබු අතර නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි විදේශිය සංචාරකයන් පිරිසක්ද, මෙම වැඩ වර්ජනය හේතුවෙන් අසිරුතාවයට පත් වි සිටිහ.