(සුජිත් හේවාජුලිගේ )
ගර්භනී මවුවරුන්ට සහ කිරිදෙන මවුවරුන්ට බූස්ටර් එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියට යටත්ව ලබා ගැනීම අනුමත කර ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
මේ අතර සැර කොරෝනා ප්‍රභේද වලින් ගැලවීම සඳහා බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ වෛද්‍යවරයා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා එන්නත්කරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇතැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd