
(යොහාන් භාසුර, ජේ. ඒ. එල්. ජයසිංහ, ෂේන් සෙනෙවිරත්න, කුෂාන් ජයවර්ධන සහ බී. ජී. චතුරංග)
දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී හානි කර තිබේ.
රාත්‍රී 11.50 ට පමණ කැකිරාව දුම්රිය ස්ථානයට ළගාවූ ‘මීනගයා’ දුම්රිය එම දුම්රිය ස්ථානයෙන් දුම්රිය නැවත ධාවනය නොකිරීම හේතුවෙන් ප්‍රකෝප වූ මගීන් දුම්රිය මැදිරිවලට පහර දී හානිකර ඇති බව කී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කැකිරාව පොලිසිය මැදිහත්ව දුම්රියට ආරක්‍ෂාව සැපයූ බව ද සඳහන් කළේය.
එම ප්‍රහාරයෙන් අංක 6079 දරණ දුම්රියේ මැදිරිවල ජනේලවල වීදුරු රැසක් කැඩී ඇති බවත් රුපියල් ලක්‍ෂ ගණනක පාඩුවක් සිදුවී ඇති බවත් එම නිලධාරියා කීය.
මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ද මහනුවර දුම්රිය ස්ථානයේදී පෙරේදා රාත්‍රී 11.45 ට පමණ ධාවනය අත්හිටුවීමත් සමඟ මගීන් දැඩිනොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බවත් මගීන් පාලනයට පොලිසිය කැඳවීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රියේ මගීන් 700 ක් පමණ ඒ වන විට ගමන් කරමින් සිටි බවත් එම මගීන්ගෙන් වැඩි පිරිසක් පොලිසිය මැදිහත්ව ඊයේ අළුයම 4.30 පමණ වන විට පෞද්ගලික සහ ලංගම බස් රථ යොදාගෙන පිටත්කර හැරි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඡායාරූප:
කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයේදී හානිකර තිබූ අයුරු.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පෞද්ගලික අංශයට දීලා කොන්ත්‍රාත් ක්‍රමයට සේවකයන් බඳවා ගන්න ඕන.
ලංකාව වගේ විනයක් නැති නිලධාරීන් ඉන්න රටකට හරියන්නේ හමුදා පාලනයක්. ධාවනය කරන්න බැරි රියදුරෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉවත් කරානම් ඉතිරි අය ලස්සනට වැඩ ටික කරගෙන යයි.
අනේ ඔය දේවල් කරන්න එපා.1988 පීරියඩ් කරපුවා හා ත්‍රස්තවාදී යුද්ධයෙන් අපි ලොකු අගාධයකට වැටුනා.දේශපාලුවන්ට ගහලා එලවන්න පොදු දේපල වලට හානි කරලා අපේ රට තවත් විනාශයකට ඇදලා දාන්න එපා
අනේ මෙහෙමත් මිනිස්සු තමන් දිනපතා ගමන් කරන දුම්රියට ගල් ගහලා හරියනවද.
යකඩ ගොඩකට ගහලා වැඩක් තියෙනවද.?
ගහන්න වර්ජන කරන එවුන්ට දුප්පත් අපේ කොච්චිටික කඩන්නේ නැතුව.