
(චාපා මධුභාෂිණී)
දියබෙදුම ප්‍රදේශයේ සිට පොලොන්නරුව අවට පාසල් රැසකට අධාපන කටයුතු සදහා යන ළමුන්ට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් ඉල්ලා මවුපියෝ සහ පාසල් දරුවෝ දියබෙදුම නගර මධ්‍යයේ විරෝධතාවයක නිරතවූහ.
ගිරිතලේගම, තෝපාවැව සහ රාජකීය යන විදුහල්හි අධ්‍යාපනය ලබන දියබෙදුම, බකමූණ, අත්තනකඩවල සහ කෝදුරුවාව යන ප්‍රදේශ රැසක පාසල් දරුවන්ට අදෑසන පාසල වෙත යාමට ප්‍රමාණවත් තරම් බස් රථ නොමැතිකමින් දරුවන් විශාල සංඛ්‍යාවකට බොහෝ දිනවල නැවත නිවෙස් බලා යාමට සිදුවන බව මවුපියෝ චෝදනා කරති.
මෙම ප්‍රදේශවල සිට පොලොන්නරුව අවට පාසල් තුනක ළමෝ 400-500 සිටින අතර ඒම සියළු දරුවන් ප්‍රවාහනය කිරීම සදහා දැනට ඇත්තේ බස් රථ 3 පමණක් බවත් මවුපියෝ පවසති.
ඒම බස් රථ 3 ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දරුවන් විශාල සංඛ්‍යාවකට නැවත නිවෙස් බලා යාමට හෝ අවදානම් සහිතව බස් රථයේ පාපුවරුවේ යාමට සිදුව ඇතැයි ඔවුහු කියා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට V8 ලබාදෙන්න කියමින් හොටු පෙර පෙර අඩන දියවනාව පට්ටියේ මිහරකුන්ට 226 දෙනාටම මෙම පුවත කියවීමට හැකි වේවා...
පොඩි කාලේ ඉඳලම පුරුදු වෙනවා...
අනේ අපිට මේ දරුවන්ගේ දුක වේදනාව දකින්න යන්න වාහනයක්වත් නැහැනේ ...වහාම අපට අලුත්ම අලුත් වාහන ගෙනත් දියව්....මිට දියවනාව මන්දබුද්ධිකයන් 226 දෙනාගේ සංසදය......