(අයි ආර් ඉන්දික)

වැල්ලවාය තණමල්වල මාර්ගයේ තෙලුල්ල 38 නළ ලිඳ ආසන්න ප්‍රදේශයේදී අද (14) ඇතිලිවැව සිට කුරුණැගල බලා කුලී ගමනයක් යමින් තිබු වෑන් රථයක අලියෙකු ගැටිමෙන් අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

අලුයම  5.20 ට  පමණ මෙම අනතුර සිදුවී තිබේ. එහි සිරවි සිටි රියදුරු බේරා ගැනිමට ප්‍රදේශවාසින් දැඩි පරිශ්‍රමයක් දැරූහ.

තුවාල ලබා සිටි ඇතිලිවැව පදිංචි රියදුරු හා ඉදිරිපස අසුනේ සිටි වයස්ගත පුද්ගලයෙකු රෝහල් ගත කිරිමට ප්‍රදේශවාසීහු කඩිනමින් කටයුතු කළහ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.