
(රංජන් කස්තුරි)
ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
එම නිසා අද සිට දිවයිනපුරා ප්‍රදේශ ගණනාවක දිනකට පැය දෙක හමාරක විදුලිය කාන්දුවක් සිදු කරන බව ද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඉන්ධන නොමැති වුවහොත් ඉදිරියේදී තවත් බලාගාරවල ජනන කටයුතු නතර කිරීමට සිදුවනු ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්ගෙ බොරු මේවා...
සනීිි.......පෙට නිදා ගනිල්ලා .
කොහෙද ඉන්ධන නැත්තේ. කිසිම විදුලි කප්පාදුවක් නැහැ.
ඕනැ එකටයි එපා එකටයි පිටරට ණය අරන් ඒක ආපසු ගෙවනවිට තියෙන ඩොලර් ටිකෙන් අත්‍යවශ්‍ය දේවල් ගෙන්නන්නත් බැරිතරමට රටේ ඩොලර් නැතිකලා. දැන් ඒකෙන් විදවන්නෙ පාලකයින් නොව රටේ මහජනතාවයි.
දැන් සැපද..?
මම හිතන්නේ ගෑස්, විදුලිය සහ ඉන්ධන කියන්නේ බලශක්ති ප්‍රභවයන් කියලා.. එහෙම තියෙද්දී විද්‍යාත්මකව ඇමැතිවරු පත්කර තියෙන්නේ ඉන්ධනවලට එකයි, විදුලියට එකයි. හරියටම එළහරකයි, මීහරකයි වගේ... එහෙම තියෙද්දි ගෑස් සමාගම අයිති රක්ෂණ සංස්ථාවට.. ඒක මුදල් ඇමතිගේ එයට අයත් ගෑස් සමාගම වෙළඳ ඇමතිට හා පාරිභෝගික ඇමැතිට. පේන විදියට මුන්දැලා අතර කිසිම සම්බන්ධීකරණයක් නැහැ. මේ සියලු ප්‍රශ්න ඇතිවීමට වියතුන්ගේ විද්‍යාත්මක අමාත්‍යාංශ වෙන්කිරීමත් හේතුවෙලා කියලා කියන්න පුළුවන්. හරියට කරනවා නම් මේ අමාත්‍යාංශ තුන බලශක්ති අමාත්‍යාංශය කියලා එකක් කළා නම් මේ ප්‍රශ්න නැහැ.
ඕවා විසඳන්න නේද 20 සම්මත කරගෙන බලය තහවුරු කරගත්තේ... කරන්න බැරිනම් පුලුවන් කෙනෙකුට දීලා ඉවත් වෙන්න ඕනෑ. රට විනාශ කරන්න කාටවත් බෑ...