(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු වුවද රටෙි ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

යල කන්නය සඳහා ගොවීන්ට ලබාදෙන පොහොර නියමිත ප්‍රමිතියට තිබිය යුතු බවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වන විට නිර්දේශ ලබා දී ඇති බැවින් අදාළ ආයතන නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා  මේ වන විටත් කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මීරිගම  ප්‍රදේශවල වී වගා කර අස්වැන්න නෙළන ගොවීන් හමුවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (13) එම ප්‍රදේශවල සංචාරයක නිරත වූ අතර එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
ගම්පහ වී ගොවීන්ට මහ කන්නයේ වී වගාවෙන් විශාල හානියක් සිදුව නැති බව ද අමාත්‍යවරයා කීවේය.

 ගම්පහ දිසාවේ කුඹුරු හෙක්ටයාර් 11000ක් පමණ මෙවර මහ කන්නයේ වී වගා කර ඇති බවද මෙහිදී අනාවරණය වූ බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.