
ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ දැමීමට පියවර ගෙන ඇත.
මේ අනුව ශ්‍රී ලංකාව සීසීසී+ (CCC+) සිට සීසීසී (CCC) පහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.
‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ යනු ලොව ප්‍රධාන පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ කාර්යාංශ තුනෙන් එකකි.
“ආර්ථිකයේ ඉදිරි දැක්ම ඍණාත්මක තත්ත්වයක තිබෙන්නේ” යැයි ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළ දමන බව නිවේදනය කරමින් ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ ආයතනය සඳහන් කළේ ය.
ආර්ථිකයේ ඉදිරි දැක්ම ඍණාත්මක බව සඳහන් කරන අතරම ශ්‍රී ලංකාවේ විදේශ මූල්‍ය තත්ත්වය ඉදිරි කාර්තුවලදී තවදුරටත් පිරිහීමට ලක්වනු ඇතැයි ද එම සමාගම සිය නිවේදනය මඟින් සඳහන් කර තිබේ.
මේ තත්ත්වය නිසා ඉදිරි මාස 12ක කාලයේ දී ශ්‍රී ලංකාවේ ණය සේවා පිරිවැයකරණය (ණය ගෙවීමට ඇති හැකියාව) ට බලපෑම් එල්ල වනු ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුව සිය ආදායම් ඉලක්ක සපුරාගැනීමට නොහැකි වුවහොත් සහ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් පහළ ගියහොත් ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ හෙළන බව ද ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ ආයතනය දන්වා ඇත.
ඩේලි එෆ්.ටී. ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතනොගේ, ජෙප්පන්ගේ ගර්ජනා දැන් පටන්ගනිවී.
මේක ජාතියන්තර කුමන්ත්‍රණයක්.
ඕවා ගණන් ගන්නේ කවුද.?
මේක නම් ආසියාවේ ආශ්චර්යයක්ම තමයි. පුදුමාකාර සෞභාග්‍යයක්...