(නිමන්ති රණසිංහ)
විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදුවංචා කරමින් ප්‍රතිඅපනයනය කර මහා පරිමාණ ඡාවාරමක් කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සිද්ධියේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.
සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු අනුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බවත්, වසර දෙකකටත් වඩා පැරණී සිද්ධියක විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බවත් සදහන් කරමින් අධිකරණය සැකකරුට ඇප ලබා දුන්නේය.
මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී අධිකරණයෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ, කිංසි පාර, කොළඹ 07 පදිංචි දොඹගහපතිරණගේ ජයලත් ක්‍රිෂාන්ත පීරිස් නමැතැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයටනම් ඇප දෙන්නම නැතුව ඉන්න තියෙන්නේ.
නිදොස්කොට නිදහස්...!
එහෙනම් මේ හේතුව වෙන්න ඇති.. දිනක් මම මිත්‍රයන් හමුවීමට යනකොට මම ගානේ බෝතලයක් කියල ගිහින් ඇරලා පානය කරනකොට වදින්නෑ වතුර වගේ කියලා පරීක්ශාකරනකොට ඇත්තටම වතුරනෙ බොල කියලා හොයාගෙන මාව ඉතා අපහසුතාවයකට පත් වුනේ. මේ අත්අඩංගුවට ගත්ත එකාට කන පැලෙන්න ගහන්න කෙනෙක් නැද්ද?
දැන් ඉන්න රාජ්‍ය ඇමැති කෙනෙක් ඇවිත් උදව් කළා කියලා වෙනත් වෙබ් අඩවියක තිබෙනවා. හැබැයි ඔය ජාවාරම කරපු ගුදම අයිති එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමැති කෙනෙක්ට කියලා ඒ පුවතේම තිබුණා. දෙතුන් පැත්තෙන්ම කනවා වගේ...
පොල් ගෙඩියට කොස් ගෙඩියට විතරද ඇප ලැබෙන්නේ