
(සිතුම් චතුරංග)
වවුනියාව , හොරොව්පතාන එ 22 මාර්ගයේ කැබිතිගොල්ලෑව , කැළෑපුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර ඉදිරිපිටදී බස්රථ දෙකක් හා ටිපර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් අටදෙනකු තුවාල ලබා ඊයේ(13) සවස වවුනියාව රෝහල වෙත ඇතුලත් කළ බව පොලිසිය කියයි.
වවුනියාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයකළ සේවිකාවන් පිරිසක් රැගෙන ගිය බස්රථ දෙකක් හා වවුනියාව සිට කළුගල් රැගෙනඒම සඳහා ගමන්කරමින් තිබූ ටිපර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව කැබිතිගොල්ලෑව රථවාහන පොලිසිය පැවසීය.
අනතුරින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවිකාවන් හත්දෙනකු හා බස්රථයේ රියදුරෙකු එලෙස තුවාල ලබා වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කළ බවද සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ ඉදිරිපසින් ගමන්ගත් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් රැගෙත් බස්රථය මාර්ගයේ ඉදිරියට ආ සුනඛයකු බේරාගැනීමට උත්සහ කිරීමේදී පසුපසින් පැමිණි ටිපර් රථය ගැටී ඇති අතර ටිපර් රථයට පසුපසින් පැමිණි සේවිකාවන් රැගෙත් අනෙක් බස්රථයද ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූවන් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් වවුනියාව රෝහල වෙත රැගෙනයනු ලැබිණි.
තුවාල ලැබූවන් වවුනියාව මහ රෝහල් හදිසි අනතුරු අංශය වෙත ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd