(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීමට නම් අවම වශයෙන් අදාල තරගයට දින 14 කට පෙර දෙවැනි ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගෙන තිබිය යුතු බවත් ප්‍රවේශපත් හිමියන් එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම මස 16 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග තුනේ ප්‍රවේශපත් අළෙවිය හෙට (13) ආරම්භ වන බවත් ප්‍රවේශපතක් රුපියල් 300, 1000 සහ 3000 යන ගණන්වලට මිලදීගත හැකි බවත් ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවෙන් සියයට 50 ක පමණක් ප්‍රවේශපත් අළෙවි කරන බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

තරග ප්‍රවේශපත් www.srilankacricket.lk  සහ www.bookmyshow.com යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් වෙන්කරගත හැකි අතර තරග දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩාංගණයෙන් ද, තරග නොමැති දිනවලදී පල්ලෙකැළේ ක්‍රීඩාංගණයෙන් ද, ප්‍රවේශපත් මිලදීගත හැකිය.