(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

‘කොවිඩ්’ වසංගත හේතුවෙන් වසරකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ බෙලිඅත්ත සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා වන ‘රජරට රැජින’ සීඝ්‍රගාමී දුම්රිය අද (12) නැවත ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දෙවැනි සහ තුන්වැනි පංතියේ ප්‍රවේශපත් පමණක් නිකුත් කරන මෙම දුම්රිය බෙලිඅත්ත සහ අනුරාධපුරයෙන් දිනපතා පෙරවරුවේ පිටත් වේ