නිවසක සුරතලයට ඇති කරන සුනඛයන් දෙදෙනෙකු නිසා ඉකුත් (09) දා රාත්‍රියේ හට ගත් ආරවුලක් හේතුවෙන් දෙදෙනෙකු රත්නපුර රෝහලටත් තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විමේ සිදු විමක් රක්වාන පොලිසියෙන් වාර්තා වෙයි.  

රක්වාන, පන්සල්ගොඩ ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ පිහිටි නිවසක සුරතලයට ඇති කරන සුනඛයන් දෙදෙනෙකු තමන් ඇතුළු ගම්වාසින් මාර්ගයේ ගමන් කිරිමේදි නිතරම බුරාගෙන පැමිණෙන බවත් එ් හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු පිරිසක් මහත් භිතියට පත්වන බව පවසා අසල්වැසි තරුණයෙකු නිවැසියන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවද පොලිසිය පැවසිය.

එහිදි දෙපිරිස අතර ගැටුමක් ඇතිවි ඇති බවත් සුනඛකයන් අයිති තරුණයා සහ අසල් වැසි තරුණයා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් ඇතිවු ගැටුමින් අසල්වැසි තරුණයාගේ ගෙල ප්‍රදේශයට යමි උල් උපකරණයකින් ඇනීම හේතුවෙන් දැඩිලෙස තුවාල සිදු වි ඇති බවත් ගැටුමට සම්බන්ධ වු නිවෙස් හිමි තරුණයාද කැපුමි තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසිය.

සිද්ධියෙන් සිදු වු තුවාල හේතුවෙන් දෙදෙනෙකු රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගැටුම සම්බන්ධයෙන් සැකපිට පාසල් ශිෂ්‍යයෙකු සමඟ ත්‍රිවිල් රථ රියදුරෙකු ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසිය.

රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සි.පි.ගුණසේකර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති  පො.සැ.එමි.එන්.ජි.කුමාරසිරි අැතුළු නිලධාරින් පිරිසක් ගැටුම පාලනය කර ඇති අතර ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරන බවද පොලිසිය පැවසිය.