(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළැයි මුස්ලිම් පූජකවරු ඇතුළු 25කට එරෙහි පවරා ඇති නඩුවේ විභාගය ලබන මාර්තු 3 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
නීතිඥවරුන් පෙනී නොසිටි නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 9 දෙනකු වෙනුවෙන් රජයේ වියදමින් නීතිඡවරුන් පත් කළ අධිකරණය අධිකරණ පරීශ්‍රය තුළදී නීතිඥවරුන්ට විත්තිකරුවන් හමුවී නඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවසර දෙන ලෙස බන්ධනාගාරනිලධාරින්ට නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට බාරදි තිබූ අධි චෝදනා පත්‍ර ඇතුළු අමිණුම් එම නීතීඥවරුන්ට බාරදිමට පියවර ගන්නා ලෙස නියම කළේය.
දමිත් තොටවත්ත, අමල් රණරාජා, සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා හරි කියාවි... මේ අපරාධය සිදුකළ මහමොලකරු දැනට ජීවතුන් අතර නොමැති බැව් හෙළිවී ඇත... කියලා. කරපු අය පව් ගෙවනවා.. අපිටත් දැනගන්න ලැබෙයිනේ ඔහොම යද්දී...
මාර වැඩේ ඒ වියදමත් අපිට.
කොහොමද රජයේ වියදමින් නීතිඥවරුන් දෙන්නේ? මේ මොනවාද වෙන්නේ?