(යොහාන් භාසුර)
මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 100 ට සහ සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130 ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවත් සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 ට වැඩි වන බවට සහල් මාෆියාව මතවාදයක් නිර්මාණය කරමින් සිටින බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම මිලට සහල් ජනතාවට සතොස, සමූපකාර සහ කිව් ෂොප් ඇතුළු රාජ්‍ය අළෙවි ජාලය මගින් මිලදී ගතහැකි බව කී අමාත්‍යවරයා කෘතීම ලෙස අසාධාරණ ලෙස සහල් මිල වැඩි කිරිමේ සැළැස්ම මොනම හේතුවක් නිසාවත් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ද සඳහන් කළේය.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යංශයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍ය පාලන කාලය තුළ අද වනවිට සහල් මිල දෙගුණයකටත් වඩා ඉහළ ගියා. තව ඉදිරියටත් සහල් මිලේ වැඩිවීමක් සිදුවීම අනිවාර්යයි.
දැනටමත් 160 යි. ඔය කියන හාල් සතොසෙ නැහැ. අප්‍රේල් වලට තව කල් තියෙනවා. ඉතිං ඇමැතිද? හාල් මෝල් කාරයින් කියන එකද? හරියන්නේ කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා...
කයිවාරුව නම් තියෙනවා.
ඇමති ඊටත් වඩා ලොකු බොරු හද හද කියනවා
මේ ලංකාව ගැනද කියන්නෙ සර්
සත් ගුණවත් ඇමති කියන්නේ ඉතින් ඇත්තම තමයි නේද.?
බන්දුල අයියත් හරිම ළමය තමයිනේ.....නිකන්වත් අපට කිව්වේ නැහැනේ , "මම විහිළු සැපයීම" පිලිබදව පශ්චාත් උපාධිය හදාරලා ඉහලින්ම සමත් වුනා කියල.....අපි නම් හරිම වාසනාවන්ත පුරවැසියන් මොකද මේ වගේ උගත් කමින් බුද්ධියෙන් "මන්ද" වුනු පිරිස් රටේ පාලනයට පැමිණීම පිලිබදව...
මෙයා වෙන රටක සහල් මිළක් ගැන කියවනවද දන්නෑ. අද ගම්පහ නාඩු සහල් මිළ රු. 170.00යි. සුපිරි සම්බා නම් අපි මිළවත් අහන්නේ නෑ ආයිබොවන්..
නිකම් දොඩවන්න එපා. දැන් හාල් මිල පාලනයක් නැහැ නේද. එහම ගැසට් පත්‍රයකුත් නිකුත් කළා නේද. ඉතින් කොහොමද මෙයා කියන්නේ හාල් මිල වැඩි කරන්න මොනම හේතුවක් නිසාවත් ඉඩ නොදෙන බව. එදා ඉඳන් මෙයා කට ඇරියොත් බොරු තමා. රු 2500 ට පවුලකට මාසයකට කාල බීල ඉන්න පුළුවන් කිව්වා. දැන් මේ බොරු කතා. මුළු සමස්ත රටේ ජනතාවටම සතොස සහ සමුපකාරයෙන් හාල් ගන්න හැකියාව තියනවද?
සතොසේ හාල් නැහැ.නිකන් බොරු කෙලින්න එපා
සර් ෆේල් සර් ගේ ඇමතිලත් ෆේල් ,අයින් කරන්න තමයි කවුරුත් නැත්තේ
ඇත්තමයි.. මේ වගේ ඇමැතිලා සෙට් එකක් ඉද්දී ශ්‍රී ලංකාව දූෂිත රටවල් ලැයිස්තුවේ ප්‍රමුඛතාවය කරා ටිකෙන්ටික ළං වෙන්නේ ජාත්‍යන්තරය විසින් ගොතන බොරු නිසා. නැතිනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා. මේ ඉන්නේ ඉතා අහිංසක ජනතා ලැදි ඇමැති වරයෙක්... සමහර පොඩි ළමයිනුත් තමන්ගේ හොරේ අහුවෙන්නත් කලින් කියනවා. එයා ඒ හොර වැඩේ කළේ නෑ කියලා...