
(පොලොන්නරුව ක.ග.කරුණාරත්න)
මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බවත් සමස්ත කෘෂිකර්මාන්තයේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මොහොතකට එළඹ සිටින මේ මොහොතේ මුළු මහත් ලාංකීය ගොවි ජනතාව නියෝජනය කරමින් මුළුදෙන මෙම ගොවි ජාතික සමුළුව ලාංකීය ගොවි ජනතාව පක්‍ෂ,පාට,ජාති,ආගම්,කුල,භේද කිසිවක් නොසලකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩනැඟෙන්නක් බව පසුගියදා (10) පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ.
දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුලු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොලොන්නරුව පරාක්‍රමසමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න මහතා පැවැසීය.
අද දින මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන ප්‍රධාන යෝජනා 07 වන්නේ ආණ්ඩුව විසින් නිර්මාණය කල පොහොර අර්බුදය හේතුවෙන් මෙවර මාස් කන්නයේ අඩුවන වී අස්වැන්නට සාධාරණ අයුරින් වන්දි ලබාදීම, ඉදිරි යල කන්නයේ සිට වී වගාවට සුදුසු ගුණාත්මක තත්වයේ පොහොර ගොවියාට ලබාදීම, වගා ණය සඳහා දැනට අයකරනු ලබන අධික පොලිය වෙනුවට සහන පොලියට ගොවියාට ණය ලබාදීම.කෘෂි උපකරණ ගෙන්වීමේදී දැනට පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීිම, කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැනට සිදු කෙරෙන සමාගම් මැදිහත්වීමෙන් තොරව රජය මැදිහත්වීම, කෘෂිකර්මයට අදාල තීරණ තීන්දු ගැනීම කෘෂි විද්‍යඥයින්,ගොවි නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවීම.ගොවිතැනේදී භාවිත කෙරෙන භූගත ජලයට මීටර් සවිකිරීමට ගෙන ඇති කැබිනට් තීරණය හකුලා ගන්නා ලෙස රජයට බල කිරීම බව ඒ මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේ්ශපාළුවන්ගෙ ගොන් පාට් කෘෂිකර්මයේදි පමණක් නොව විදේශ නැව් ගිලුණු සිද්ධියේදිත්, ඇවිදින මං තීරු හා මහාමාර්ගවලත්, අලි ඇවිස්සුනු සංවර්ධන ව්‍යාපෘති, ඛනිජ තෙල්, ගෑස් හා හිත මිතුරන්ට කෝටි ගණන් ණය දෙන රාජ්‍ය බැංකු පද්ධතියටත් ලං වුණේ මෑතකදි නොවේ. ඔය ප්‍රධාන විපක්ෂෙ කට්ටියත් ලේසි නෑ. රටේ උගත් හා බලවත් මිනිස්සු හරි කණ්ඩායමක් සැදුවෙ නැත්නම් මේ පිල් දෙකම කොල්ල කමින් පවුල් නඩත්තුව තමා ප්‍රධාන වශයෙන් කරන්න පුරුදුව ඉන්නෙ. මේ රටේ මිනිස්සුත් තමන්ගේ වංචනික යටි හිත වෙනස් කරගෙන කෙළින් වැඩ කරන්න සිතාගෙන ආකල්ප වෙනස් කරන්න වෙනවා.
කියලා වැඩක් නෑ. හරිම දුකයි.
හලෝ කාබනික පොහොර වලින් ගොවිතැන් කරන හැටි උතුරේ ගොවියන්ගෙන් ඉගෙනගන්නවා? උතුරුමැද වැව් දහස් ගනනක් බැන්දේ දමිලයින්ද කියා සැකයක් එනවා
අපරාදේ කාබනික කියල ඒ සදහා ගෙවන අති විශාල මුදල. කාබනික වුණත් කමක් නෑ අරමුණ නිසිලෙස ඉටුවෙනව නම්.