(යොහාන් භාසුර)

කොළඹ වරායේ වාර්ෂික බහලුම් ධාරිතාව 2035 වසර වන විට මිලියන 35 ක් හෙවත් ලක්‍ෂ 350 ක් දක්වා ඉහළ යන බවත් එසේ ධාරිතාව ඉහළ යෑමත් සමඟ කොළඹ වරාය ලෝකයේ ප්‍රධානතම වරායක් බවට පත්වන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (11) පැවසීය.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවැනි කොටසේ ඉදිකිරීම් 2028 ආරම්භ කරන බව කී අමාත්‍යවරයා 2024 වන විට මිලියන 10.4 කට ඉහළ දැමීමටත් 2025 බටහිර පර්යන්තය අවසන් වන විට ධාරිතාව මිලියන 14 දක්වා වැඩි කිරීමටත් සැළසුම් කර ඇති බව ද සඳහන් කළේය.

කොළඹ වරාය මේ වන විට ලෝකයේ වාරයන් අතරින් 23 වැනි  ස්ථානයේ පසු වන බවත් නැගෙනහි රපර්යන්තය ඉදිකිරීමෙන් පසුව එනම් 2024 වසරේ 13 වැනිදා ස්ථානයට පත්වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.