
(යොහාන් භාසුර)
වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදැරිමට අවසර ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
ඒ මහතාට නාවල විවෘත විශ්ව විද්‍යාලයේ කළමණාකරණ නායකත්ව පුහුණු තරුණ කටයුතු සහ ප්‍රජා සංවර්ධන උපාධිය හැදැරිම සදහා පවතින නීති රීතිවලට යටත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරන බව කී ඒකනායක මහතා මෙම විෂයානුබද්ධ අධ්‍යාපනය මාර්ගගත ක්‍රමයට තාක්ෂණය ඔස්සේ හැදැරිමට ද අවසර ලබාදී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි.ඔබ අවංක දේශපාලකයෙක්. නමුත් රටේ නීතිය පිළිබද ඔබට නිසි අවබෝධයක් තිබුණෙ නැහැ.කොහොම හරි ඔය වසර කිහිපය ගෙවා ගෙන විත්,හැන්ද තියෙද්දි අත පුච්ච ගන්න එපා.ඒ වගේම සේවය කරන්න සුදුසු පක්ෂයකට බැදී කටයුතු කරන්න. දැන් දේශපාලනය වෙනදාට වඩා වෙනස්.බොහෝ පිරිසක් මුලා කරන්න අමාරැ බව පේනවා.ඒක සුභ දැක්මක්.කොහොම වුනත් රන්ජන් , ඔබත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් විදියටයි මට නම් පේන්නෙ.මම ඔබේ අනාගතයට සුභ පතනවා.
එලියට යන්න ක්‍රමයක් හදා දුන්නා?දැන් තමයි ඉගෙනගන්න මතක් වෙලා තියෙන්නේ.ඕකත් ඔය 8 පාස් කතාව වහගන්න හදපු ප්ලෑන් එකක්.තව අවුරුද්දකින් කියයි උපාධියත් පාස් කියලා.බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ
ඉතා හොඳ දෙයක්
කලින්ම ඉස්කෝලේ ගිහින් ටිකක් ඉගෙනගත්තානම් ගොන් වැඩ කරන එක අඩු කරගන්න තිබ්බා.
ඔය පහසුකම් හැම සිරකරුවාටම ලැබෙනවාද? එහෙනම් සිරකරුවන් නිදහස් කිරීමත් බන්ධනාගාර කොමසාරිස්ට කරන්න පුළුවන් ඇති. හරිම අසාධාරණයි..
මම හිතුවා බරපතල වැඩ ඇතුව හිරේට නියම වුණා කියලා...
උසස්පෙල පාස් වෙලාද මේ අනිත් ලොකු වැඩ කරන්නේ???
රංජන්ට විතරක් නෙවෙයි, සෑම සිරකර්වෙකුටම අධ්‍යාපනය ලැබෙනවා නම් හොඳයි. ඒකෙන් කීපදෙනෙක්වත් යහමගට ඒවි. රංජන්ට පහසුකම් නොමැතිකමෙන් අධ්‍යාපනය නොලැබූ කෙනෙක් නෙවෙයි. ඒකට උනන්දුවක් නොදක්වපු උදවිය. එහෙත් බොහෝ සිරකරුවෝ අධ්‍යාපනය නොලබා තියෙන්නේ ඔවුන්ට ඒවාට වියදම් කරන්න මුදල් නොමැතිකම හෝ අනෙකුත් පහසුකම් නොමැතිවීම නිසයි.
මක් කරන්නද? ඉතින් දේශපාලුවන්ට තියෙන්නේ ඉගෙනීමක්, දැනුමක් නෙවෙයි වාචාල කටක් විතරයි. මෙයා හිරේ ගියෙත් කට හින්දා. දැන්වත් යමක් ඉගෙන ගෙන හැදුණොත් හොඳයි.
දියවන්නාවේ ඉන්න 7 පාස් නොකළ අයටත් පුලුවන්ද.?