(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වෙනි පාර්ලිමේන්තුවේ  දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ආවරණය කිරීම සඳහා පැමිණෙන සියලු මාධ්‍යවේදීන් ලබන 18 වැනිදා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ (Rapid antigen test) සඳහා පෙනී සිටීම අනිවාර්ය කර ඇත.

ඒ අනුව ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එදින පෙරවරු 7.00 සිට 10.00 දක්වා පැවැත්වෙනු ඇත.