
(රංජන් කස්තුරි)
රජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට මේ මාසයේ සිට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදෙන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේදී එම අමතර දීමානාව ගෙවා නැතැයි වාර්තා වෙයි
විශ්‍රාමිකයන්ගේ ජනවාරි මස වටුප ඉකුත් 7 වැනි දා ගෙවූ නමුත් ඔවුනට රුපියල් 5000 වැඩිවීම ලැබී නොතිබිණි.
මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ රුපියල් 5000 දීමනාව ගෙවීම පිළිබඳව මුදල් අමාත්‍යංශය තවමත් චක්‍රෙල්ඛයක් නිකුත් කර නිති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් හේතුවෙන් නත්තල් සීයා නිරෝධායනයේ... ලබන මාසෙ වෙනකොට දින 14 පැනලනේ.. එතකොට අතපසුවූ ඒවාත් එක්ක හම්බවෙයි. එතකන් ඉවසමු.
සාමාන්‍යයෙන් චක්‍රලේඛ නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ එකඟත්වය ඇතිව රාජ්‍ය පරිපාලන (වර්තමානයේ රාජ්‍ය සේවා) අමාත්‍යාංශය විසිනි.. එම චක්‍රලේඛය නිකුත්කර තිබුණා. විශ්‍රාමිකයින් කියන්නේ රජයේ සේවයේ දිගුකලක් සේවය කළ පළපුරුදු අය බව අමතක කරන්න එපා.
සර් කිව්වේ නැද්ද තවම.?
හිතු හිතු විදිහට 5000 ඒවා ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද?මේ කරන්නේ පීටර් ගෙන් සොරකම් කර පොල් ගෙවීමක් නේද? රජයේ නොවන සේවකයාට බදු වැඩිකර වඩ නොලත් පඩිගන්න නරුමයින්ට ගෙවීමක් නේද? මේ හේතුව නිසා පිටරටින් එකම ඩොලරයක්වත් මෙරටට එවන්න එපා කියලා දරුවන්ට උපදෙස් දීලා තිබෙනවා
එදා ගම සමග පිළිසඳර වැඩ සටහනේදී ජනාධිපති කිව්වනේ චක්‍රලේඛය ඕනෑ නැහැ... කටින් කිව්වත් ඇති කියලා. එහෙම නම්, ඇයි මේ රු 5000 ගෙවන්න බැරි?
1997 සිට 2021 දක්වා විශ්‍රාම ගිය ගුරුවරුන්ට 5000ත් නැහැ.. වැඩිකරපු වැටුපත් නැහැ. 2017.01.01 සිට 2021.12.31 දක්වා විශ්‍රාම ගිය අයට රජය අඩුම ලෙස කැමැති නම් සේවය දීර්ඝ කිරීමට අවස්ථාවක් දිය යුතුයි. නමුත් ඔවුන්ට වන හානිය ගැන රජය කල්පනා කරලා නැත. රජය 2022.01.01 නොව, ක්‍රියාත්මක වන දිනය 2017.01.01 විය යුතුයි. එවිට හානිය අඩුවන අතර කැමැති අය 65 දක්වා දීර්ඝකර ගනී.