(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන භූමියේ   තිබී  අද  (11)  පස්වරුවේ  අත්බෝබයක් සොයාගත් බව පොලිසිය කියයි.

දේවස්ථාන භූමියේ  ගේට්ටුව අසල  ස්ථාපිත කර ඇති සුරුවමක් අසල මෙම බෝම්යක් ඇති බවට පොලිස් හදිසි ඇමැතුම් අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව පොලිසිය   එම බෝම්බය සොයාගෙන ඇත.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් එහි සේවකයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට පැමිණ නිශ්ක්‍රිය කිරීම සදහා බෝම්බය රැගෙන ගිය බව පොලිසිය පවසයි.

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජේ එම් ආර්  සමරසිංහ මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ පැවැත්වේ.