(ඉන්දිකා  රාමනායක)

සාක් කලාපිය සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම්  නියම සිටි ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු  හෙට (12) සහ අනිද්දා  (13) ඉන්දියන් රජයට භාර දිමට  නියමිත බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අධිකරණ අමාත්යංනශ අතිරේක ලේකම් (නීතී) විසින් මේ  සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත  දන්වා ඇත බව බන්ධනාගාර  මාධ්‍ය  ප්‍රකාශක පාලනය හා පුනරුත්ථාපන කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පවසයි.ග

මෙම සිරකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු  විෂ වර්ග අභිං සහ ඹෟෂධ (සංශෝධිත) පනත යටතේ සන්තකයේ තබා ගැනිම ල ජාවාරම් කිරිම හා ආනයනය  යන චෝදනාවලට වරදකරු වී මිගමුව මහාධිකරණය මගින්  එක් එක් චෝදනාවට ජිවිතාන්ත සිර දඩුවම් 03 ක් ලබා ඇති බවත්  ඔහු වසර 12 කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ දඩුවම් විදිමින් සිටි පුද්ගලයෙක් බවද  හෙතෙම කියා සිටියේය.

දෙවෙනි සිරකරු අන්තරාදායක ඹෘෂධ ආඥා පනතේ චෝදනා ගණණාවකට වරදකරු  වි එක් එක් චෝදනාවන්ට ජිවිතාන්ත සිර දඩුවම් 03 ක් ලබා දි සිර දඩුවම් විදිමින් දැනට වසර 06 කට ආසන්න කාලයක් බන්ධනාගාර ගත වි සිටි අයෙක් බවත් ද  ඒකනායක මහතා පවසයි.

මෙකී සිරකරුවන් දෙදෙනා  වෙන් වශයෙන් හෙට (12)   දින හා (13)   දින  කටුනායක බණ්ඩාරනායක ජාත්ය්න්තර ගුවන්තොටුපල වෙත බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රැගෙන ගොස්  ඉන්දියන් පොලිස් නිලධාරින් වෙත භාර දිමට කටයුතු  සුදානම් කර ඇති බවද   චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පවසයි.