ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම අද (28) ආරම්භ කෙරිණි. 28 June 2021
කුරුණෑගල බන්ධනාගාරයෙන් පැන ගිය රැදවියකු අල්ලයි කුරුණෑගල රිමාන්ඩ් බන්ධනාගාර යෙන් පැනගිය සිරකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු මාවතගම පොලිිසිය මාවතගමදිි අත් අඩංගුවට ගත්බව පොලිිසිය පවසයි. 28 June 2021
රාජ්‍ය සේවයට බැඳුණු උපාධිධාරීන්ගෙන් නොක්කාඩුවක් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි. 28 June 2021
කොරෝනා රෝගීනට ප්‍රතිකාර අලුත් ක්‍රමය අද සිට කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වලම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැකබලා ගැනීමේ නව වැඩසටහන ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 28 June 2021
ගම්මන්පිලගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත . 28 June 2021
කොළඹ දිසා අධිකරණයෙන් පොහොට්ටුවේ ලේකම්ට වාරණයක් කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය. 28 June 2021
බැසිල්ට අසුන පුදන්න මන්ත්‍රීවරු පෝලිමේ පාර්ලිමේන්තුවට පැමිණ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ලෙස රජයේ සියලු පාර්ශවවලින් බැසිල් රාජපක්ෂ මහතාට දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති නිසා එතුමාට මෙවර එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය. 28 June 2021
රංජන් රාමනායක රෝහල් ගත කරයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින රංජන් රාමනායක මහතාගේ දණහිසේ ආබාධයකෙට ප්‍රතිකාර ලබාදීමට ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. 28 June 2021
අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් තිදෙනාට තරඟ තහනමක් එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 28 June 2021
මුලතිව් දෙපිරිසක් අතර ගැටුමක්:දෙකකට තුවාල මුලතිව්,කල්ලපාඩු ප්‍රදේශයේදී විදේශ රැකියාවලට යවන තැරව්කරුවකුට පහරදී ඔහුගේ නිවස ඉදිපිට නවතා තිබූ මෝටර් රථයකට ගිනි තබා තවත් වෑන් රථයකට පහරදී හානි කර ඇතැයි පොලිසිය කියයි. 28 June 2021
පැහැරගෙන ගොස් ඇණ ගැසූ සිද්ධියට දෙකක් මාට්ටු මුහුණුපොත ඔස්සේ කපුවකුට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැහැරගෙන ගොස් අම්පිටිය ප්‍රදේශයේ කන්දක් මුදුනේදී ලීකොටවලින් සැකසූ කුරුස ආකෘතියකට තබා යකඩ ඇණ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාරය කියයි. 28 June 2021
දන්සලෙන් බත් කෑ කහටගස්දිගිලියේ නවයකට කොරෝනා අනුරාධපුර කහටගස්දිගිලිය මෙරගහවෙල කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක් මුල් කර ගනිමින් පැවැත් වූ දන්සලකට එක් වූ නව දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු එම ගම්මානය වසා දැමීමට කටයුතු කළ බව කහටගස්දිගිලය මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 28 June 2021
ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවෙනුත් මතුවෙයි ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ මහතා ලංකාදීපයට පැවැසීය. 28 June 2021
ඇමරිකාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව නැගෙනහිර මුහුදේ නාවික අභ්‍යාසයක ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව පවත්වන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී ඉකුත් 26 වැනිදා ආරම්භ විය. 28 June 2021
කොළඹ-බදුල්ල මාර්ගය හරස්කර විරෝධයක් ගොවිතැන් කටයුතු සදහා පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ගොවිහු පිරිසක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ රත්මලවින්න ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (28) දා විරෝධයක නිරත වුහ. 28 June 2021
අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව නීතිපතිවරයා අද ( 28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනනේය. 28 June 2021
මහ රෑ වීථි සැරූ අපේ ක්‍රීඩකයන්ට වැඩ වරදීද? එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ එරට සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්ව ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇත. 28 June 2021
අරක්කු බෝතල්වලට ස්ටිකර් ඇලවීම කල් යයි මත්පැන් බෝතල්මත ආරක්ෂිත ස්ටිකරයක් යෙදීමේ ව්‍යාපෘතිය කෝවිඩ් හේතුවෙන් කෙටිකලකට කල්දැමීමට සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි. 28 June 2021
ගොයමට පොහොර ඉල්ලා බැරගම ගොවීහු කුඹුරට බසති අම්බලන්තොට බැරගම මහආර ප්‍රදේශයේ ගොවීහු සිය කුඹුරුවලට බැස විනාශයට පත්වන වී වගාවට පොහොර ඉල්ලා විරෝධතාවක නිරත වූහ. 28 June 2021
එතෙර සිට එන අයට අලුත් නීතියක් විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට අලුත් නිරෝධායන රෙගුලාසි ලබන මාසයේ සිට හඳුන්වා දීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත . 28 June 2021
කෑලි එකතු කර හැදූ කැබ් රථ දෙකක් සමග අයෙක් දැලේ නීති විරෝධී ආකාරයට කොටස් එකලස් කර සෑදූ සුඛෝප භෝගි කැබ් රථ දෙකක් සමග සැකකරුවකු තිස්සමහාරාම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. 28 June 2021
සැර කොරෝනා සොයන පරීක්ෂණ අද සිට යළි ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ අනෙකුත් ප්රදේශවලටද ව්‍යාප්තව ඇත් දැයි සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (28)අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 28 June 2021
වානේ කර්මාන්ත ශාලාවේ මහ වංචාවට තවත් සැකකරුවෙක් දැලේ මෙරට ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදිත ආයතනය ගිණුමකින් ව්‍යාජ චෙක්පත් උපයෝගි කරගෙන රුපියල් ලක්ෂ 430 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 28 June 2021
නීති කැඩු 428 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 428 දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 28 June 2021
පළාත් රැසකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දින විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 June 2021
පස්සර වරාදොල දරුවෝ ඔන්ලයින් නැතිව හූල්ලති පස්සර සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මැදිව පිහිටි පස්සර වරාදොල ගම්මානයේ දරුවෝ ඔන්ලයින් පහසුකම් නොමැති දැඩි අපහසුතාවට පත්ව සිටිති . 28 June 2021
පිස්සු බල්ලෙක් මොරවක රෝහලක කොරෝනා වාට්ටුවට පැන යකා නටයි මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැනපු පිස්සු බල්ලකු එහි ප්රතිකාරලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු සපා කෑම නිසා එම රෝහල තුළ දැඩි කලබලයක් ඇති විය. 28 June 2021
රාජාංගනයේ ගෙවිලියෝ අලුත් වැඩකට අත ගසති රාජාංගනය ප්‍රදේශයේ ගෙවිලියෝ පිරිසක් පරිසරයට අහිතකර අලි මානා , ජපන් ජබර, යෝධ නිදිකුම්බා ආදීයෙහි පත්රොවලින් මෙන්ම බඩඉරිඟු ශාකයෙන් ඉවතලන ද්‍රව්‍ය ,කෙසෙල් කඳන් ආදිය උපයෝගී කරගෙන අත් කඩදාසි නිපදවීමේ කටයුත්තක සාර්ථකව නිරතව සිටිති. 28 June 2021
ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ’’මොඩර්නා ’’ එන්නත් ලක්ෂ දහයක් ඇමරිකාවේ නිෂ්පාදනය කරන මොඩර්නා නැමැති කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ 10ක් මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැමැත්ත පළකර ඇත. 27 June 2021
පළාත් පාලන ආයතනවලට එජාප නවක මන්ත්‍රිවරු 69ක් හෙට දිවුරති සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරු හෙට(28) සඳුදා සිය ධුර වල දිවුරුම් දෙති. 27 June 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026