
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර කුඩා සැහැල්ලු ගුවන් යානයක් දුම්රියක ගැටීමේ පුවතක් වාර්තා වේ.
දුම්රියේ ගැටුණු කුඩා ගුවන් යානය සුනුවිසුණු වූ නමුත් යානයේ නියමුවා බේරා ගැනීමට ලොස් ඇන්ජලීස් පොලිස් නිලධාරීහු සමත් වූහ.
යානය දුම්රිය මාර්ගයට නුදුරින් පිහිටි ස්ථානයකින් ගුවන්ගත වී ඇති බවත්, ගුවන්ගත වූ සැණින් එහි දෝෂයක් හටගෙන ඇත. නියමුවා යානය, කෙසේ හෝ ගොඩ බා ඇත්තේ දුම්රිය හරස් මාර්ගයක් මතටය.
එම අවස්ථාවේදී රේල් ගේට්ටු වැසී තිබුණු අතර, දුම්රියක් ධාවනය වෙමින් තිබුණි.
අවට සිටි පොලිස් නිලධාරීන් කීපදෙනකු වහා ක්‍රියාත්මක වී යානයේ නියමුවා පිටතට ගත් සැණින් දුම්රිය යානයේ ගැටෙන අයුරු වීඩියෝ දසුන්වල දකින්න ලැබේ.
යානයේ සිටින්නේ ද නියමුවා පමණි. තුවාල ලැබූ ඔහු කඩිනිමින් රෝහල් ගත කෙරුණි.
එම ත්‍රාසජනක සිදුවීම ජංගම දුරකතනයෙන් රූගත කිරීමට අසල සිටි 21 ක් හැවිරිදි සංගීතකරුවකු සමත් විය. මෙහි ඇත්තේ එම වීඩියෝ දසුනය.
වේගයෙන් ධාවනය වූ දුම්රියට සුළු හානි සිදුවී ඇති නමුත්, දුම්රියේ රියැදුරන්ට හෝ දුම්රියේ සිටි වෙන කිසිවකුට හෝ අනතුරක් සිදුනොවිණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd