
(සුජිත් හේවාජුලිගේ )
ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට අද (10) උපදෙස් දුන්නේය.
විදුලි කප්පාදුව පිළිබඳව පැන නැගී ඇති තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පැවැත්විණ. ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ එම රැස්වීමේදීය.
ගල් අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම අර්බුදකාරි තත්වය උද්ගතව ඇති බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාව සතු ගල් අඟුරු සංචිත විදුලි අර්බුදයකට යා නොදී කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුව වළක්වා ගත හැකි බවත් ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
පවතින තත්වය කළමනාකරණය කර ගනිමින් ජන ජීවිතය පවත්වාගෙන යෑමට සියලු පියවර ගෙන ඇතැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු පැවසූහ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රැයින් කාබනික වලට මාරු උනා වගේම අපි එක රැයින් සුර්ය බලයට යමුද.?
විසඳුම් නම් මීට වසර කීපයකට පමණ පෙර සිට ඉදිරිපත් කරනවා. ඒවා ක්‍රියාත්මක නොවීමයි ගැටළුව.. මෙය එකරැයකින් කරන්න හැකි දෙයක් නොවේ. මේ සඳහා වසර කීපයක් ඒ සඳහා කැපවුණු ක්‍රියාමාර්ග අවශ්‍යයි.
මෙන්න මෙයා නින්දෙන් ඇහැරිලා..
පොහොර ප්රශ්නය විසඳන්න කාබනික පොහොර හඳුන්වා දුන්නා වගේ විදුලි ප්රශ්නය විසඳන්න හමුදාව යොදවාගෙන රජ කාලේ භාවිතා කළ පොල්තෙල් පහන් සහ පන්දම් වගේ දේවල් භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් නරකද මහත්තයෝ...? ඒ කාලේ මිනිස්සු අදට වැඩිය හොඳට ජීවත් වුණානේ...
සෞභාග්‍යයේ දැක්ම පෙන්වලා ඇවිත් දැන් විසඳුම් හොයන්නලු. ඒකටත් විසඳුමක් මොළහතාගෙන්ම අහලා දැනගන්න බැරියැ?
අනේ සර් දැන් කවුරුත් ඔබතුමා මොනවා කිව්වත් අහන්නේ නැහැ වගේ නේද?
මෙයාගේ සැලැස්ම විදුලිය කප්පාදු කරලා ජනතාව අපහසුතාවයට පත්වූණාම හොඳ මූණ දාලා කියයි. අපි අඩුමුදලට ඇමරිකාව එක්ක අඛණ්ඩව දෙනවා කියලා IRC පවුලේ උන්නේ...