(නිමන්ති රණසිංහ)
හෙරොයින් කිලෝ 400 ක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි 40ක් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළැයි කියන මහා පරිමාණ ජාවාරම්කරුවෙකු වන උදයංග ලක්මාල් නොහොත් "ශාටා" ලබන 14 වැනිදා තෙක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය .
මාධ්‍ය මඟින් පළ කළ දැන්වීමකි න් පසු ලද තොරතුරකට අනුව මෙම සැකකරු පෙරේදා (08) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරු 2019 වර්ෂයේ සිට 2021 ඔක්තෝම්බර් මාසය දක්වා කාලයේදී මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි මෙරටට ගෙන්වා ඇතැයි තොරතුරු අනාවරණය වන බව මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය අධිකරණයට සඳහන් කළේය .
මොහු ශ්‍රී ලංකාවේ සිටිමින් විදේශයන් වල සිටින මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙම මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවත් ඒවා මෙරට දකුණු පලාත ආශ්‍රිතව අලෙවි කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇතැයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වෙලාවත් වැරදි නමක් දෙකක් කිවුවොත් ආයුධ පෙන්නන්න යන්නත් අවසර තියනවද ?
අන්තිමට මෑන් නිදොස්කොට නිදහස් වෙනවා