(යොහාන් භාසුර)

ලංකා සතොසින් මෙතෙක් ලබාදුන් ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනා භාණ්ඩ මල්ල දෙසැම්බර් මස සිට අත්හිටුවා ඇති බව ලංකා සතොස උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 20,000 ක් වටිනා පෝෂණ දීමනාව රුපියල් 2000 බැගින් වන මාසික භාණ්ඩ මල්ලක් ලෙස මෙතෙක් ලබාදුන් බවත් අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු එය අත්හිටුවා ඇති බවත් ලංකා සතොස උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙම පෝෂණ මල්ල පසුගිය වසරේ මැද භාගයේ ද අත්හිටුවා නැවත ආරම්භ කළේය.