(අමදෝරු අමරජිව)

මුතුර් පට්ටිතිඩල්, පුල්ලයාර් ප්‍රදේශයේදී ටිපර් රථයක් හා බස්රථ මුහුණට මුහුණ ගැටීමෙන් 29 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අම්පාර සිට ත්‍රිකුණාමලය බලා ගමන්ගත් මගී ප්‍රවාහන බස් රථයකි හා  ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදු වි තිබේ.

අනතුරෙන් තුවාල ලැබුවන් අතර බස් රථයේ හා ටිපර් රථයේ රියදුරෝ ද වෙති. එම රියදුරන් දෙදෙනාගේම දෙපා වලට බරපතල හානි සිදු වි ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් මුතුර් මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව පොලිසිය කියයි.